lan englan tam

අනාගතයේදී අවදි වූ පියර්ගේ කතාව: "මට තේරෙන්නේ නැති ලෝකයක මම ආගන්තුකයෙක් වුණා”

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වෛද්‍ය පියර්දන්තේ පික්සියෝනි යනු, කැමැත්තෙන් කාල තරණය කළ කෙනෙකු නොවේ. 2013දී රිය අනතුරකින් මොළයට සිදුවූ හානිය නිසා ඔහුට ඔහුගේ ජීවිතයෙන් වසර දොළහක මතකයන් සම්පූර්ණයෙන් ම අහිමි විය.

 

8b26c250 55da 11f0 960d e9f1088a89fe.jpgවෛද්‍ය පියර්දන්තේ පික්සියෝනිගේ ඡායාරූපයක්

පසු දා රෝහලේදී කෝමාවෙන් අවදි වූ ඔහු සිතුවේ, එය 2001 වසර බව යි. ඔහුට තම බිරිඳ හෝ දැන් වැඩිහිටි වියේ පසුවන පුතුන් හඳුනා ගැනීමට නොහැකි විය.

කම්පනයෙන් මිරිකී, තවදුරටත් වෛද්‍ය වෘත්තියේ නියැළීමට නොහැකිව සිටි පියර්දන්තේ මීට පෙර සිටි ඔහුව සොයා ගැනීමට උත්සහ කළේ ය. පියර්දන්තේ ඔහුගේ සමීපතමයක් විසින් හඳුන්වනු ලැබුවේ පියර් යන අන්වර්ථ නාමයෙනි.

දහස් ගණන් ඊ මේල් පණිවිඩ පිරික්සා බැලූ ඔහුට සොයා ගැනීමට හැකි වූයේ තමන්ට අඳුරු පැතිකඩක් තිබුණු බව ය.

පියර්ගේ අත්දැකීම කෙතරම් සුවිශේෂීද යත්, එය වෙඩි වැදී ඔහු මෙන් වසර 12ක මතක අහිමි වන තරුණ වෛද්‍යවරයෙකු ගැන කියවෙන ඉතාලි රූපවාහිනී කතා මාලාවකට ද ආභාෂය ලබා දී ඇත.

 

59ff2740 55de 11f0 9074 8989d8c97d87.jpgපියර් පික්සියෝනිගේ කතාව, පියර්පාඕලෝ ස්පොලොන් රංගනයෙන් දායක වන ඉතාලි රූපවාහිනී කතා මාලාවක් වන Doc - Nelle tue mani (Doc - In your hands) සඳහා ආභාෂය ලබා දුන් අතර, මෙහි දැක්වෙන්නේ පික්සියෝනිගේ මුහුණ ඔහුගේ රූපවාහිනී චරිතයේ ඡායාරූපයකින් ආවරණය කරන අයුරු ය.

2013 වසරේ මැයි 31 වන දා පියර්ට නැවත සිහිය ලැබිණි. ඔහු වැතිර සිටියේ ඔහු විසින් ඉතාලියේ ලෝදි නගරයේ පවත්වාගෙන ගෙන යන ලද රෝහලේ හදිසි ප්‍රතිකාර වාට්ටුවේ ඇඳක් මත ය.

"මම මුලින් ම දැක්කේ සුදු පාට එළියක් - ඒ අනතුරෙන් පස්සේ මගේ සගයෝ මාව ඇතුළත් කරපු හදිසි අනතුරු අංශයේ කාමරයේ එළිය. මම පැය හයක් පමණ කෝමා තත්ත්වයේ සිටියා, මම අවදි වෙද්දී, මට පෙනුනේ මගේ සගයන්ගේ ඇස් විතරයි.

"'අද දවස මොකක් ද?' කියලා එයාලා ඇහුවා ම මම තත්පර පහක් හයක් කල්පනා කරලා උත්තර දුන්නා, 'අද 2001 ඔක්තෝබර් 25.'

ඉන්පසු, ඔහු සිය සගයෙකු iPad එකක ටයිප් කරනු දුටුවේ ය. එය 2001වසරේදී නොතිබූ උපාංගයක් වූ අතර, එවකට පැවති දුරකතනවලට පවා කළ හැකි වූයේ ඇමතුම් ලබා ගැනීම, කෙටි පණිවිඩ යැවීම සහ අතිශය සරල ලෙස පුවත් ලබා ගැනීම පමණි.

 

45e2e440 55e3 11f0 9932 89f9624455b1.jpgපියර්ගේ මතකයේ තිබුණේ අතිශය සරල ලෙස වෙබ් සර්ච් කළ හැකි, ඇමතුම් ලබා ගත හැකි සහ කෙටි පණිවුඩ යැවීමට හැකි 2001 ජංගම දුරකතන පමණි.

 

නමුත් විශාලතම හෙළිදරව්ව ඒ වින විටත් පැමිණ නොතිබිණි.

"එයාලා මගෙන් ඇහුව, 'ඔයාට ඔයාගේ බිරිඳ දකින්න ඕනේ ද?'"

"ඔව්, අනිවාර්යයෙන් ම: 'මට මට බිරිඳ දකින්න ඕනේ,' මම පිළිතුරු දුන්නෙමි.

"මගේ හිතේ හිටියේ, මම බලාපොරොත්තු වුණේ මගේ බිරිඳ [කාමරයට ඇතුළු වෙයි] කියලා, නමුත් මීට අවුරුදු 12කට කලින් හිටිය කෙනා. ඒත් [ඇතුළට ආව කාන්තාව මගේ බිරිඳ වගේ නෙවෙයි] ඒ වගේ වෙන කෙනෙක්. ඇගේ මූණ ගොඩක් රැලි වැටිලා තිබුණා."

තම දරුවන් වැඩිහිටියන් බවට පත්ව ඇති බව පියර්ට අසීරුවෙන් පිළිගැනීමට සිදුවිය.

"මම එයාලගෙන් ඇහුවා, කවුද ඔයාලා? කෝ මගේ දරුවෝ? මොක ද මම විශ්වාස කළේ නැහැ [එයාලා] මගේ පුතාලා කියලා."

ඉන්පසු ඔහුගේ බිරිඳ ඔහුට කම්පනසහගත පුවතක් පැවසුවා ය: එවකට ඉතා නිරෝගීව සිටි බවට ඔහුගේ මතකයේ ඇති සිය මව වසර තුනකට පෙර මිය ගොස් තිබිණි.

"අවදි උණා ම මට දැනුනේ මට වයස අවුරුදු 53ක් කියලා. ඒත් දවල් වෙද්දී මම දැනගත්තා මගේ වයස අවුරුදු 65ක් කියලා."

 

bc652670 55e6 11f0 a163 5b4c207f13bf.jpgපියර් තම සිටි කෙටි කෝමා තත්ත්වයෙන් අවදි වූ විට, වෛද්‍ය කාර්ය මණ්ඩලය ප්‍රශ්න ඇසූ අතර ඔවුහු ටැබ් එකක් භාවිත කළහ. එය ඔහුගේ මතකයේ නොතිබුණු උපාංගයකි.

 

අඳුරු චරිතයක්

ඔහුගේ මතකයෙන් මැකී ගිය වසර 12 තුළ සිදු වූ දේ පිළිබඳ සාක්ෂි හාරා බැලූ පියර්, එම කාලය තුළ ඔහු සැමවිට ම ප්‍රසන්න මිනිසෙකු නොවූ බව දැනගත් විට කම්පනයට පත් විය.

"මම මගේ මිතුරන්ගෙන්, මගේ සගයන්ගෙන්, මගේ බිරිඳගෙන් ඇහුවා මම මොන වගේ මිනිහෙක් ද කියලා. මම හොඳ මිනිහෙක් ද නරක මිනිහෙක් ද කියලා?"

"මගේ සගයන් මට කිව්වා, මම මගේ හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධානියා වුණා ම මට පහළින් [වැඩ කරන] පුද්ගලයින් 230ක් විතර හිටියා කියලා."

ඔවුන් ඔහු හැඳින්වූයේ එතරම් යහපත් වචනයකින් නොවේ.

"මගේ අන්වර්ථ නාමය 'Prince of Bastards' කියලා කිව්වා."

'ඩොක් ඇට් වර්ක්' ලෙස ද හඳුන්වන පියර්ට මෙය විශ්වාස කිරීමට නොහැකි විය. මන්ද ඔහු මීට පෙර කිසි විටෙකත් තමා නරක පුද්ගලයෙකු ලෙස නොසිතූ නිසා ය.

"'ඔයා හරි ම අඳුරු චරිතයක්... ඔයා හරි ම තද කෙනෙක්... අනිත් අයට ඔයා එක්ක කටයුතු කරන්න ලේසි වුණේ නැහැ' එයාලා මට කිව්වා."

 

Pierdante piccioni w

 

පියර්ට මග හැරුණු වසර කිහිපය: ඔහුගේ සැබෑ ස්වරූපය සොයා ගැනීම

තමාට මග හැරුණු වසරවලදී ලෝකය ඉදිරියට ගිය ආකාරය ගැන පියර් දැනගත් විට, ඔහු තම සැබෑ ස්වරූපය හෙළිදරව් කර ගැනීමට ඊ මේල් පණිවිඩ පිරික්සා බැලීය.

"මම කවුද කියලා තේරුම් ගන්න උත්සහ කරන්න මම සියලු ම ඊමේල් - [ඒවායේ] 76,000කට වඩා තිබුණා - කියෙව්වා... සමහර ඊමේල්වල, නරක මිනිහෙක්, නරක නායකයෙක්, දරුණු පුද්ගලයෙක් හිටියා කියලා මට [පිළිගන්න] සිද්ධ වුණා."

ඔහුගේ සගයන් ඔහුට පැවසූ දේ සත්‍ය බව තමාට වැටහුණු බව ඔහු පවසයි: "ඒ ඊමේල් කියවද්දී මට ගොඩක් දුක හිතුණා."

 

70f75dc0 575d 11f0 9ba9 9f966e2be36f.jpgබැරක් ඔබාමාගේ ඡායාරූපයක් ඔහුට පෙන්වූ විට, 2009දී අප්‍රිකානු-ඇමෙරිකානුවෙකු එක්සත් ජනපද ජනාධිපති වීම ගැන ඔහු ඇදහිය නොහැකි තරම් පුදුමයට පත් විය.

 

එබැවින්, පියර් වඩා ත් හොඳ පුද්ගලයෙක් වීමට තීරණය කළේ ය.

"මම හැමදා ම දිනපොතක සටහන් කරන්න පටන් ගත්තා. මම මට දැනුන දේ ලිව්වා - මගේ දවසේ හෝ මගේ ජීවිතයේ වැදගත් දේවල් එහෙමත් නැත්නම් [සාමාන්‍ය දේවල්]."

 

948cbe00 5641 11f0 91ce 75a7c213ee0c.jpg2013දී කෝමා තත්ත්වයෙන් අවදි වූ දා සිට, ප්‍රංශය සමග තරග කර ඉතාලිය 2006 පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීම පියර්ට කිසි දා සිහිපත් කිරීමට නොහැකි විය

"මම වැරදි කාලයක හිටපු වැරදි මිනිහෙක්. ඒ මගේ වෙලාව නෙවෙයි.

"මට තේරෙන්නේ නැති ලෝකයක මම ආගන්තුකයෙක් වුණා. මට මම තනි වෙලා වගේ දැනුණා. [මට දැනුනේ] කවුරුත් මාව තේරුම් ගත්තේ නැහැ වගේ."

පියර් අඳුරු කාල පරිච්ඡේදයකට ඇතුළු විය.

"මට ගොඩ කාලයක් [තනිකමක්] දැනුණා. මගේ අම්මා මැරුණු නිසා, මගේ දරුවෝ මැරුණා වගේ දැනුනා."

"ඉතින් ඇයි මම තවදුරටත් ජීවත් වෙන්නේ? මේ වගේ වෙලාවට මට ජීවිතේ නැති කර ගන්න පවා හිතුණා. මොක ද මේක මගේ ලෝකය වගේ [දැනුනේ නැති] නිසා."

නමුත් පියර් තම නිෂේධාත්මක සිතුවිලිවලින් ගොඩ ඒමට ක්‍රමයක් සොයා ගත්තේ ය.

0702fcf0 5689 11f0 8378 af62018ae2d0.jpg 12001දී පියර්ගේ අනතුර සිදු වූයේ සැප්තැම්බර් 11 වන දින එක්සත් ජනපදයේ සිදු වූ ප්‍රහාරයෙන් මාසයකට පසුව ය. එම ප්‍රහාරය එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර පාක්ෂික රටවලට ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමට හේතු විය. එය සිදු වූයේ ඔහුට මතකය අහිමිව සිටි කාලය තුළ ය.

 

නැවතත් ආදරයෙන් බැඳීම

සිය මතකයෙන් වසර 12ක් අහිමි වූ රිය අනතුරට පෙර පියර් දිනකට පැය 15ත් 16ත් අතර කාලයක් වැඩ කළේ ය. ඔහු හදිසි ප්‍රතිකාර අංශයේ ප්‍රධානියා වූ පසු, ඔහු නිවසේ සිටියේ කලාතුරකින් බව ඔහුගේ බිරිඳ පැවසුවා ය.

"ඇය මට කිව්වා, 'ඔයාට පෙම්වතියක් හිටියා ද නැත්නම් [සමහරවිට] එක්කෙනෙකුට වඩා හිටියා ද කියලා මම ඇත්තට ම දන්නේ නැහැ... මොක ද ඔයා [එච්චර] වැඩ එක්ක හිටිය කෙනෙක් නිසා."

කෙටි කෝමා තත්ත්වයෙන් අවදි වූ විගස, තමා නැවත වරක් තම බිරිඳට ආදරය කරන බව වටහා ගත් පියර්, සැමියෙකු ලෙස තම භූමිකාවට නැවත පණ දීමට තීරණය කළේ ය.

"මගේ බිරිඳ [කාමරයෙන් එළියට යන්න] හැරෙනකොට මම [පිටුපස සිට] ඇය දිහා බැලුවා. මට ආදරයක් දැනුනා. ඒක, හරි ම පුදුමසහගතයි, සුන්දරයි."

ඔහු පවසන්නේ, ඇය ඔහුට මතක තිබුණු කෙනා මෙන් නොවූ බව ය.

"මම හිතන්නේ මම විතරයි මෙහෙම කියන්න පුළුවන් එක ම මිනිහා: 'මම මගේ බිරිඳව මගේ බිරිඳට පාවා දුන්නා'. මොකද ඇය වෙනස් පුද්ගලයෙක් නිසා මම නැවතත් [ඇයට සම්පූර්ණයෙන් ම] ආදරය කරන්න පටන් ගත්තා."

634db3b0 55df 11f0 b5c5 012c5796682d.jpg

 

ඔහුගේ නව යථාර්ථය දීප්තිමත් හා බලාපොරොත්තුවෙන් පිරී ඇති බව පියර් පවසයි.

"මගේ පෞද්ගලික [ගමන] ගැන පමණක් නොව, ලොව පුරා අලුත්, ලස්සන මතකයන් ඇති කරන්න ලැබීම ගැන මම ආඩම්බර වෙනවා.

"මේක තමයි මගේ මන්තරේ."

 

ලිපියේ කතුවරුන් - ජෝ ෆිඩ්ජන්, එඩ්ගර් මැඩකොට්, ඇන්ඩෲ වෙබ් ( බීබීසී ලෝක සේවය)

(මෙම ලිපිය BBC News සිංහල වෙබ් අඩවිය ඇසුරින් උපුටා ගන්නා ලදී)

kemadasa

shungara

Back to top
Go to bottom