අද (11) පස්වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රථම කාර්ය වූයේ කොළඹ හුණුපිටිය ගංගාරාම වෙසක් කලාපය විවෘත කිරීමයි.
එම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මැති ඇමැතිවරුන් හා ගංගාරාම විහාරස්ථ දායක සභාව විසින් පිළිගන්නා ලදී.
අනතුරුව ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණීස්සර හිමියෝ රැස්ව සිටි පිරිස පන්සිල්හි පිහිට වූහ.
එහි පැවති ආගමික වතාවත්වලින් පසු මෝදි මහතා විසින් වෙසක් කලාපය විවෘත කරනු ලැබිය.
හෙට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතය.










