2000 වසරේ සිඩ්නි නුවර පවත්වන ලද ඔලිම්පික් තරගයේ මීටර් 200 තරගය වෙත ශ්‍රීලාංකේය සුවහසක් ජනතාවගේ අවදානය යොමුව තිබිනි.එයට සුවිශේෂී හේතුවක් වූයේ සිඩිනි ඔලිම්පික් ධාවන පථයේ සිටි ක්‍රීඩිකාවක් නිසාය. ඒ සුසන්තිකා ජයසිංහ නම් වූ ධාවන ශූරිය නිසාය.
ඇය ශ්‍රීලංකාව නියෝජනය කරමින් සිඩිනි ඔලිම්පික් දාවන පථයේ දුවන්නට සැරසී සිටියි. ලංකාවේ එක්කෝටිි ගණනක් වූ ජනතාව ටෙලිවිෂනය ඉදිරිපිට ට වී හුස්ම ඉහළට ගෙන ඇස්පිල්ලම් නොගසා බලා සිටී. මේරියන් ජොනස්් බෙවලි මැක්ඩොනල්ඩ්ස් කැතී ෆී‍්‍රමන් පෝලින් ඩේවිස් ඇතුළු පදක්කම්ලාභී ලොව වේගවත් කාන්තාවන් සමග ගමේ ගොඩේ වෙලේ දගලමින් සිට ලෝකය ජයගන්නට කකුල් දෙකට සහ හිතට හයිය රැුගෙන ඔලිම්පික ගිය සුසන්තිකා අධිෂ්ඨානශීලීව තරගයට මුහුන දෙන්නට සූදානම් විය. සුසන්තිකා ධාවන පථයේ වේගයෙන් දිව ගියේ ලංකාවේ ජනතාවගේ ඔල්වර සන් හඩ මධ්‍යයේය. මුළු රටක් ම සුසන්තිකා වෙනුවෙන් තම මව්රටේ සිට ඔල්වරසන් නැගුවේ ඇයට ආශිර්වාදයක් ලෙසය. සුසන්තිකා ඔලිම්පික් ජය ලංකාවට ගෙන දෙන්නට සමත් වූයේ මේ පුංචි සුන්දර දූපත ලොව ඉහළට ම ඔසවා තබමිනි.
පසුකලෙක සුසන්තිකා එම ඔලිම්පික් උළෙලේ රදී ස්මානයට උරුමකම් කීවේ ප්‍රථම ස්ථානය දිනූ මේරියන් තහනම් උත්තේජන බාවිතා කර ඇති බවට හඳුනා ගැනීමෙන් පසුය.
සුසන්තිකා ගෙනෙන ලද එම ගෞරවයෙන් පසු ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීමට අද වනතුරු කිසිවෙකුට හැකියාවක් ලැබි නැත. වාර්තා පිහිටුවීම සුලබ නෙවේ. එය පහසුද නොවේ. සුසන්තිකා පිහිටු වා ඇත්තේ කාලයකට පිහිටුවිය හැකි වාර්තාවක් නෙවේ.
නමුත් ඔලිම්පික් ජයග්‍රනයෙන් පසු සුසන්තිකා ගේ ජීවිතයට වූයේ කුමක්ද?සුසන්තිකා ගේ ජීවිතය විවිධ සමාජ ධාරා ඔස්සේ විකාශය වන්නට පටන් ගත්තාය. සුසන්තිකා ව මෙහෙයවන පිරිස් ඇය ව විවිධ දේ වලට ඇයව බාවිතා කළාය. සුසන්තිකා පසුකලෙක ඇය විසින් ඇයව මෙහෙයවා ගනු ලැබූවද ඇය ඇය වෙනුවෙන් සාධාරනය ඉටු කගත්තාද යන්න දන්නේ ඇයම පමණි.
"ගමේ වෙලිපනැල්ලේ බඩවැටි දිගේ දුවද්දි කවදාත්ම හිතුනේ නෑ මට ලොකයම දිනන පුලුවන් කියලා ඇගේ ශක්තියයි හිතේ හියියයි විතරමයි මට තිබුනේ ...බඩගින්නට කහට කෝප්පයක් බීලා වේල පිරිමහගත්ත මම උඩුවකින් කොලබ ඇවිත් ලෝකය දිනුවා වගේ උවමනාව උත්සහය කැපවීම තියෙනවනම් දනය බලය සැපසම්පත් නැතිවට ජීවිතය ගයගත හැකිබව ඔබට ඔප්පුකරලාම පෙන්වන්න පුලුවන් .....ඔව් මම ඒක කලා ...මේ ඒ සතුටයි" ........-සුසන්තිකා ජයසිංහ
සුසන්තිකා විවිධ අවස්ථාවල සමාජයේ කතාබහට භාජනය වූයේ දේශපාලන ය සමග වූ යම් යම් මාතෘකා ඔස්සේය. ජනප්‍රියත්වය පිළිබඳ විවිධ රාමු තිබේ. සුසන්තිකා ජන්දයෙන් පරාජය වන්නේ ජනප්‍රියත්වයේ කාල සීමාව ඉක්මවා ගොස් තිබූ මොහොතකය.
ඔලිම්පික් ජයග්‍රහනය කළ සුසන්තිකාට මෙරට ජන්දයක් දිනාගැනීමට නොහැකිවිය. ජනප්‍රියත්වයක් ඇතිනම් බොහෝ අය දේශපාලනය තෝරාගන්නේ සමාජ සේවයටම නොවන බව ජනතාව නොදන්නවා වන්නට නොහැක.
කෙසේවුවද ඉන්පසු සුසන්තිකා තමන් පිළිබඳ ග්රන්ථයක් රචනාකොට එලිදැක්වීය. සුසන්තිකා ජයසිංහ නමින් ක්‍රීඩා ඇකඩමියක් ආරම්භ කිරීමට විධිවිධාන යෙදීය.
සුසන්තිකා ඒ අතරතුර දේශපාලන වේදිකාවල කතා පවත්වන්නටද ගියාය.
සුසන්තිකා සිය විවාහයෙන් වෙන්ව තනිව ජීවත්වන්නට පටන්ගෙන තිබින. පවුලේ ආරවුල් පොදු සමාජය වෙත ම සුසන්තිකාත් ඇගේ අනෙත් පාර්ශවයත් රැුගෙන ආවේ මෙරට මාධ්‍ය ට රසවත් පුවත් සම්පාදනය කරමිනි.සුසන්තිකා පුවත් මැව්වා නොව මාධ්‍යකරුවන් ඇය පිළිබඳ පුවත් වාර්ථා කොට කුණු රසය වර්ධනය කළාය.ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම මාධ්‍යකරුවන් ජනප්‍රිය පුද්ගලයින්ගේ පෞද්ගලික ජීවිතය අනතුරේ දමන්නේ තම වෘත්තීය අනන්‍යතාව හෝ අංක එකවීම උදෙසාය.
සුසන්තිකා මේ මොහොතවන විට ඩෙංගු රෝගයට ගොඳුරුව දියතලාව සිට ජාතික රෝහල වෙත ගුවනින් ගෙන ආ පුවත ලංකාවේ බොහෝ මාධ්‍ය වාර්තා කර තිබිනි.
සුසන්තිකාගේ ජීවිතය පිළිබඳ යථාර්ථය නොව මතුවන විවිධ අවස්ථා සහ සිද්ධි තුළින් පමණක් මෙරට ජනතාවද සුසන්තිකාව කියවා ගනී.
සුසන්තිකා දෙදරු මවකි. ඇය විවිධ රෝගී තත්ත්වයන්ට මුහුන පාන්නට සිදුව තිබින. ඇය විවිධ අනතුරුවලට මුහුන පා තිබින.
2000 වසරේදී ලොවක ආකර්ශණය දිනාගත් මෙරට සුවහසක් ජනතාවගේ නිබඳ ආදරයට ගෞරවයට පාත්රවූ සුසන්තිකාගේ ජීවිතය නැවත කියැවීම ට සුදුසු වෙලාව මෙයදැයි ප්‍රශ්නයක් විය හැකිවුවද අපි නැවත සුසන්තිකා තුළින් සමාජය කියැවිය යුතුයැයි යන්න පමණක් හගිමි.
සමාජය කියැවීමෙන් අපිට අපව ද කියවාගත හැකිවේවි. අපි මාධ්‍ය තුළින් දෙනු ලබන කුණු රස විඳන්නට කොයිතරම් කැමති ද ජුගුප්සාව අවළුවමින් ඒවා ට කෙළ ගසමින් ඒවාම විඳගන්නට ඇති නරුම කැමැත්ත පිළිබඳ තමන් තුළ ඇති ආශාව කියවාගන්නට හැකිනම් මේ එයට අවස්ථාවක් විය හැකිය.
සුසන්තිකා ඔබට ඩෙංගු මදුරුවෙක් පරාජය කළ හැක. ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමි
සාරා සමරසේකර