" මං දැන් ගිය සතියෙත් හොස්පිටල් එකේ නතර වෙලා හිටියා දවස් දෙකක් විතර බෙහෙත් ගන්න..දොස්තර මහත්තුරු බලන්න එද්දි..ඒ පුතාලා දකිද්දි..එයාලා එකට එකතු වෙලා වැඩ කරන හැටි දකිද්දි හරි දුකයි පුතේ..
මං නොසෑහෙනින ඇඬුවා නොපෙනෙන්න..මොනව කරන්නද පුතේ ඉතිං "
- පද්මසිරි ත්‍රිමාවිතාන සොයුරාගේ මෑණියන් -
ත්‍රිමා එදා උබ උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය පීඨය ජනසතු කරන අරගලේදී..
උබෙ පොත් ටික සේරම මේස ලාච්චුවට දාලා වහල..
"මේ සටන දිනල මිසක් ආපහු පාඩම් පොත් අතට ගන්නෑ" කියලා ගෙදරින් පිට නොවුණා නම්..(අදටත් ඒ පොත් ටික ලාච්චුවෙ ඇති එහෙම්ම)
"මේ සටන දිනල මිසක් ආපහු පාඩම් පොත් අතට ගන්නෑ" කියලා ගෙදරින් පිට නොවුණා නම්..(අදටත් ඒ පොත් ටික ලාච්චුවෙ ඇති එහෙම්ම)
මට මොකද නිදහස් අධ්‍යාපනයට හෙන ගැහුවත්
මගේ ඩිග්‍රිය ෂුවර් ජොබ් එක අතේ..කියලා හිතුවනම්..
අද උබෙ අම්මට මෙහෙම මැරි මැරී උපදින්න වෙන්නෙ නෑ..
එහෙනම් තට්ටු ගානක ලොකු මන්දිරයක,හැම සැප පහසුකමක් එක්කම උබ ඉන්න තිබ්බා රටේම නම තියපු කොන්සල්ටන්ට් කෙනෙක් වෙලා..
ඒත්
උබෙ අම්මා වගේ දහස් ගානක් අම්මලා අද සතුටු වෙනවා උබලා එදා කරපු කැපකිරීමට පිංසිද්ද වෙන්න.තමන්ගෙ දොස්තරලා වුණ සහ වෙන්න ඉන්න පුතාලා දුවලා දිහා බලලා.
ඒත් අද ගොඩක් උන්ට අමතක වෙලා උබෙ අම්මගෙ ඇහෙන් වැටෙන හැම කඳුලු බිංදුවකටම උන් ණයගැතියි කියලා

ආදරණීය ත්‍රිමා.........
අපිට බෑ උබට ආයෙ පණ දෙන්න
ඒත්
අපිට පුලුවන් උබ අපි වෙනුවෙන් ලේ,මස් ජීවිත පූජාවෙන් රැකලා දීපු මේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න.
ඒ සටනට පණ දෙන්න.
ඔව් අපි ඒක කරනවා ත්‍රිමා...
ජය...!!!!
අපිට බෑ උබට ආයෙ පණ දෙන්න
ඒත්
අපිට පුලුවන් උබ අපි වෙනුවෙන් ලේ,මස් ජීවිත පූජාවෙන් රැකලා දීපු මේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න.
ඒ සටනට පණ දෙන්න.
ඔව් අපි ඒක කරනවා ත්‍රිමා...
ජය...!!!!
(Harindu Kalana ගේ ෆේස් බුක් පිටුවෙනි)
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් කොළඹ වෛද්‍ය පීඨයට පැමිණි ත්‍රිමාවිතාන සහෝදරයා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමේ අරගලයේ පෙරමුණේම සිටි ක්රියාකාරිකයෙකි. සමාජවාදී ශිෂ්‍ය සංගමයේද සංවිධාන ක්ෂ්ත්රයේ වැඩවලට උරදී කටයුතු කල අතර රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩකරන අතරතුර තවත් දෙදෙනෙකු සමග පැහැරගැනීමට ලක්වී අමානුෂික ලෙස වධ දී ඝාතනය කරතිබූ අතර එයට එරෙහි දැවැන්ත සිසු ජන විරෝධතා ව්‍යාපාරයක් ඇතිවිය.