lan englan tam

මතකද සරුසාර වගාවක් කරගෙන හිටි ජින්නයි උපාලියි දෙන්නා?

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකික මහා ගත් කතුවර මාටින් වික්‍රමසිංහ විසින් රචනා කරනු ලැබූ මඩොල් දූව සිංහල යොවුන් නවකතාව පළමුව ප්‍රකාශයට පත් කෙරුණේ 1947දී බව පැවසේ.

උපාලි ගිනිවැල්ලේ සහ ජින්නා යන යෞවනයන් දෙදෙනා ප්‍රධාන භූමිකා කරගනිමින් ප්‍රකාශයට පත් කෙරුණ මෙම කෘතිය පසු කලෙක 1976දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් සිනමා කෘතියක් බවටද නිර්මාණය කෙරිණි.
එම මඩොල් දූව සිහි ගන්වන එහි වත්මන් ඡායාරූප කිහිපයක් 'ගමක සිරිය' සමූහයේ ශලනි දිනේශා යැයි නම් සඳහන් කළ අයෙකු විසින් පළ කරනු ලැබ තිබුණේ 'මතකද සරුසාර වගාවක් කරගෙන පාඩුවේ ජීවත් උන ජින්නයි උපාලියි දෙන්නා...." යනුවෙන් සඳහන් කරමිනි.

මේ වන විට මෙය දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ගන්නා සුළු ස්ථානයක් වී තිබේ.

ඡායාරූප අන්තර්ජාලයෙන් ලබාගෙන ඇති බව සැලකිය හැකි අතර 'මඩොල් දූව' චිත්‍රපටයේ කොටසක් මේ සමග පළ කරමු.

Back to top
Go to bottom

Popular News