කලාවේ නියැලීම සඳහා ඒ වෙත පිවිසෙන අයට සහාය දීමට තමන් ඉදිරිපත් වන බව ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම සාහිත්‍යධරයකු වන සයිමන් නවගත්තේගම දියනි මායා නවගත්තේගම පවසන්නීය.
Mirror Arts සතිපතා යූටියුබ් සංවාදයේ පසුගිය සතියේ වැඩසටහනට සහභාගි වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
"සාහිත්‍යකරුවන්ගේ දරුවන්ට ඒගොල්ලො කරපු දේ කරන්න බැහැ. ඒක හරි අමාරුයි. තාත්තා මට කවදාවත් දුව කියලා කතා කරන්නෙ නැහැ. 'රත්තරං දුව' කියලා තමයි කියන්නෙ. තාත්තාගෙ ආදරේ නැති නොවෙන්න තියාගත්තෙ අම්මා. මට තාත්තව මිස් වුණේ නැහැ. මට ඕනෙ හැම තැනකම එයා හිටියා. මම ගත්ත දරුණු තීරණවලදී Cඔඋන්සෙලොර් වගේ හිටියේ මගේ තාත්තා." මායා නවගත්තේගම එහිදී පැවසුවාය.