lan englan tam

පුවත්

බිහිසුණු යථාර්ථයෙන් ෆැන්ටසිමය ලොවකට පළා යෑම; Pan's Labyrinth

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
යුද්ධය, දරිද්රතාවය සහ දූෂණය ආදී විෂම ගුණ පිරිණු යථාර්ථයක ඉන්න අපි ෆිල්ම් එකක් බලන්නේ ඒ යථාර්ථයෙන් ගැලවෙන්න. ෆිල්ම් එකක් බලන කොට සිනමා තිරය සහ ප්රේක්ෂකයා අතර පරතරය ඉවත්ව ගොස් අපි ෆිල්ම් එකත් එක්ක ඒකාත්මික වෙනවා. ෆිල්ම් වලට අපි මෙච්චර ආදරේ ඒකයි මොකඳ පවතින යථාර්ථය වෙනුවට විකල්ප ෆැන්ටසියක් අපිට ෆිල්ම් වෙතින් ලබා දෙනවා. Pan's Labyrinth කියන්නෙත් අන්න ඒ වගේ කතාවක්.
ෆ්රන්කෝගේ ෆැසිස්ට් ස්පාඤ්ඤයේ යුද්ධය අතර තුර ඒ බිහිසුණු යථාර්ථයෙන් සහනයක් ලබා ගැනීමේ අරමුණින් සුරංගනා කතා කියවන පුංචි Ofelia අපි වගේම පවතින යථාර්ථයට බය නමුත් විකල්ප ෆැන්ටසියක ජීවත් වෙන මිනිස් ජීවියෙක්. ඔෆේලියාගේ පියා ටේලර් කෙනෙක් නමුත් අවාසනාවකට ඔහු මිය ගිහින්. ඔෆේලියාගේ මව ඉන්පසු ෆ්රන්කෝගේ හමුදාවේ ඉහළ නිළධාරියෙක් වෙන Fidal සමඟ විවාහ වී ගැබ්ගෙන ඇත. ඔෆේලියා මවගේ දෙවන විවාහයටවත් ඒ ෆිඩාල් නම් දරුණු පුද්ගලයාටවත් කැමති නැත. බොහෝ විට දෙමව්පියන්ගේ දෙවන විවාහ යනු ළමයින්ගේ අසීරුම හැඟීමකි. මෙකල ෆ්රන්කෝට එරෙහිව සන්නද්ධ ප්රතිරෝධ ව්යාපාරයන් රට පුරාම සංවිධානය වී තිබේ. මේ නිසා ෆිඩාල්ව ඈත පිටිසර ප්රදේශයක ප්රතිරෝධ (resistance) සටන්කාමීන් හා සටන් කිරීමට යවා ඇත. ඔෆේලියා සහ මව ෆිඩාල් වෙත එම ප්රදේශයට යන අතරතුරේදී ඔෆේලියාට කුරුමිනියෙක් හමුවෙනවා ඔෆේලියාගේ ෆැන්ටසිමය මනස හිතන්නේ මේ කුරුමිනියා සුරංගනාවෙක් කියාය. එම රාත්රියේම ෆිඩාල්ගේ හමුදා කඳවුරේ ඔෆේලියාට නැවතත් ඒ කුරුමිනියා හමුවෙනවා. පසුව ඒ කුරුමිනියා සුරංගනා ජීවියෙක් බවට හෙළිදරව් වී ඔෆේලියාව කඳවුර අසලම පිහිටි වංකගිරියකට රැගෙන යනවා. එහිදී ඔෆේලියාට හමුවන්නේ අභිරහස් ෆෝන් (Faun - ග්රීක මිථ්යා කතා වල එන සත්ත්වයෙක්) කෙනෙක්ව. එහිදී ෆෝන් විසින් ඔෆේලියාගේ සැබෑ අනන්යතාවය හෙළිදරව් කරනවා. පොළෝ ගැඹුරේ අභිරහස් සුරංගනා ලෝකයක කුමාරිකාවක් දවසක් අභිරහස් මාර්ගයකින් මනුෂ්ය ලෝකයට ඇතුළු වී හිරු රශිමිය දරාගත නොහැකිව මතකය අහිමි වී මනුෂ්යයෙක් ලෙසට උපත ලබනවා ඒ උපත ලබපු මනුෂ්යයා තමයි ඔෆේලියා කියන්නේ. කෙසේ නමුත් නැවතත් ඒ සුරංගනා ලෝකයට යාමට ඔෆේලියාට අසීරු අභියෝග ගණනක් Faun දෙනවා.........
චිත්රපටය ගලාගෙන යන්නේ එක අතකින් ෆ්රන්කෝගේ කෲර මර්ධනය පිළිබඳව අපගේ දෑස් විවර කරමින් වන අතර අනෙක් අතින් යථාර්ථයෙන් අපවත් ඔෆේලියාවත් ෆැන්ටසිමය පරිකල්පනයක ගිල්වමින් ය.
මේ චිත්රපටය Guillermo Del Toro නම් මෙක්සිකානු ජාතික අධ්යක්ෂකවරයාගේ නිර්මාණයකි. මේක ලෝක ප්රබන්ධ ශානරයේ චිත්රපට අතර ඉහළම චිත්රපටයකි. 2006 දී ඔස්කාර් සම්මානයක් පවා මෙම චිත්රපටයට හිමි විය.
සාම්ප්රදායික ෆැන්ටසි චිත්රපටයන් වලදී අපව මුළුමනින්ම යථාර්ථයෙන් ගලවනවා වෙනුවට මෙම චිත්රපටයට පුලුවන් වෙනවා කෲර යථාර්ථය ගැන අපගේ දෑස් විවර කරන අතරම යථාර්ථය වෙනුවට ෆැන්ටසිමය විකල්පයක් අපට දෙන්නට ඒ අනුව යථාර්ථය සහ ෆැන්ටසියේ සමතුලිතතාවය අප වෙත ප්රධානය කරයි............
 
දිමුත් භානුක - The Cinema People
 
Back to top
Go to bottom

Popular News