නිමන්ති පෝරගේ, කාංචනා මෙන්ඩිස්, සනත් විමලසිරි යන ප්‍රවීණ රංගන ශිල්පීන් කලා ක්ෂේත්රයට ආ සමයේ නිමැවුණු Ninja මදුරු දඟර වෙළඳ දැන්වීමේ ජනප්‍රියතාව කොතෙක්ද කිවහොත් එය මේ දක්වා බොහෝ දෙනාගේ ආදරයට පාත්‍ර වන ජනප්‍රිය වෙළඳ දැන්වීමකි.
මෙම දැන්වීමේ සිටි ප්‍රධා ශිල්පීන් තිදෙනාම පූර්ණ කාලීනව වෙළඳ දැන්වීම් හෝ ටෙලිනාට්‍ය රංගනයේ නොයෙදෙන ශිල්පීන් වන නමුත්, ඒ ඇසුරේ ඇති වෘත්තීය බැඳියාවද අත්හල අය නොවෙති. කාංචනා මෙන්ඩිස් විදේශගතව සිටියද ඇගේ ජනප්‍රියත්වයද අඩුව නොමැත.
මෙම දැන්වීම යළි රූගත කළ බව කියමින් මදුරු දඟර වෙළඳ දැන්වීමේ ප්‍රධාන ශිල්පිනියක වූ නිමන්ති පෝරගේ විසින් සිය යූටියුබ් නාලිකාවේ වීඩියෝවක් පසුගියදා නිකුත් කර තිබිණි.