මරියාවන්ගේ ජීවිතය තුළ සිදු වූ හැලහැප්පීම් සියල්ල මැදින් උපන්නේ සිය පුතණුවන් වන ජේසුස් හෙවත් මෙසායා පමණක් නොවේ. නොසිඳෙන ධෛර්යය, නොසැලෙන හදවත පිළිබඳව සමස්ත කාන්තාවටම දෙන ආදර්ශ ගණනාවකි.
මේ ගැන වරින් වර කියන සිනමාපට ගොන්නට එළඹෙන දෙසැම්බරයේදී එක් වීමට නියමිතය.
ජේසුස් වහන්සේට උපත ලබා දීමට මරියා සහ ජෝසප් දරන උත්සාහය සහ ඔවුන් මුහුණ දෙන කටුක සිදුවීම් චිත්රපටයේ අන්තර්ගත වන අතර ජනප්රිය නිළි නෝවා කොහේන් මරියාගේ චරිතයට පණ පොවන්නීය. ඇන්තනි හොප්කින්ස් ජෝසප්ගේ චරිතයට පණ පොවන අතර නෙට්ෆ්ලික්ස් ප්රදර්ශනයක් ලෙස චිත්රපටය දෙසැම්බර් 06 වැනිදා එළි දැකීමට නියමිතය.
චිත්රපටයේ පූර්ව ප්රචාරක පටය පසුගියදා නෙට්ෆ්ලික්ස් සමාගම විසින් පළ කරනු ලැබ තිබිණි.