"රූපවාහිනී නාලිකාවකට කොටස් ගණනක් කරන්නේ අවදානමක් අරන්. සනත් විමලිසිරි වගේ නළුවෙක් ගැන ඉරිසියා හිතෙනවා."
මෙසේ පවසන්නේ ජනප්‍රිය මෙන්ම වර්තමානයේ කුසලතා පූර්ණ රංගන ශිල්පීන් නාමාවලියේ ඉහළින්ම කියවෙන නමක් වන ප්‍රියන්ත සිරිකුමාර වේ.
'මතක පද' ජනප්‍රිය යූටියුබ් සංවාදයට එක් වෙමින් ඔහු මෙසේ පැවසූ අතර ප්‍රියන්ත සිරිකුමාර නමැති කලාකරුවාගේ ගොඩනැගීම පිළිබඳවද ඔහු එහිදී හෙළි කළේය.
සිය අලුත්ම නිර්මාණය 'බැක්සයිඩ්' යනු ජෝ දිසානායකගේ පළමු ටෙලිනාට්‍ය නිර්මාණය වන නමුත්, නිර්මාණ එළිදක්වන බොහෝ අය අලුත් වන්නේ තමන් එළි දක්වන නිර්මාණ ඇසුරේ වන නමුත් ඔවුන් ක්ෂේත්රයට බෙහෙවින් පරිණත බවත් ප්‍රියන්ත ප්‍රකාශ කළේය.
'බැක්සයිඩ්' ටෙලිනාට්‍යයේ 'නම' සමගින් ඉදිරියට යන විට සමාජය තුළ කතා කළ යුතු වැදගත් කාරණා, බොහෝ අය නොදන්නා ගැටලුවලින් පෙළෙන සමාජයේ පිරිසකගේ නොදන්නා පසක් ප්‍රකාශ කෙරෙන බවද ප්‍රියන්ත සිරිකුමාර සංවාදයේදී පවසයි.
'මතක පද' යූටියුබ් සංවාදය සෑම සිකුරාදාවකම සවස 04ට විකාශය වේ.