හැට පැන්න මිනිස්සු සාතිශය කායික මානසික පීඩා අපහසුකම් මැද හැටට හැටේ වේගයෙන් වැඩ ය.
තිස්ස අබේසේකර -මරණයට දින දෙකකට පෙරත් ඊළඟට කරන වැඩවල කොන්සෙප්ට් ඩිවලොප් කළේ ය.
සේනක බටගොඩ - තියුණු පරිකල්පනීය සංගීත තීව්‍රතා ව මුදා හැරියේ හැට පැන්නට පස්සේ ය.(සාතිශය සංවේදනාවේ අනාගත සත්සර සැරිය අතර ගිටාරයේ තත් අතර ඔහු මියගියේ ය.)
සුනිල් ආරියත්න - ඊළඟ ෆිල්ම් එකේ වැඩ ය.
ප්‍රසන්න විතානගේ ලෝක සිනමාව එක්ක වැඩ ය.
උපනන්ද වැලිකළ - ඊළඟ පොත ගැන හිත හිත යමරෙට වැඩ ය.
අර්වින් වීරක්කොඩි - ඇඩ්වටයිසිං පොර ය. තාම වැඩ ය.
ඒච්.බී. ගුණරත්න පී. බී ජයසේකර ජවසම්පන්න ප්රවේගකින් වැඩ ය.
අජිත් තිලකසේන, කේ. කේ. සමන් කුමාර, රෝහණ වීරසිංහ , චන්න දේශප්‍රිය , ජේ. බී. දිසානායක , වැඩ.වැඩ.වැඩ ය.
අසෝක හඳගම එක් අංශයක් අක්‍රීයව ත්රිමාණාංශයකින් රාණි ජීවමාන කිරීමේ වැඩ ය. ඒවා දේශපාලන සිනමාවේ වැඩ කිඩ ය.
සමාජමාධ්‍යයේ මේ මැණික් දියමන්ති සුළුතරය නිතර පේන්න නැත්තේ ඒක ය.
අපට නිතර පේන්නේ වේයන්ගොඩ වර්ගයේ පත කළුගල් ලෙඩ ය.
මාධ්‍යකාර ලාබය අන්දරේ ගල් උස්සන හැඩ වැඩ පෙන්නීම ය.
මචං රටකට ඕන මැටි වැඩවල ලෙඩ නොව හැඩවැඩ ය.
(මට අතපසුවූ සෙසු වැඩ කාරයන්ගේ සහ ලෙඩ කාරයන්ගේ වැඩ සහ ලෙඩ කොමෙන්ටු කළොත් මැරුණාම සෙල්පියක් ෆේස්බුක් දානවට වැඩිය වටිනවා ය.)
උපුල් ශාන්ත සන්නස්ගල