මලයාලම් සිනමාවේ දැවැන්තයින් වන මම්මුටි සහ මොහාන් ලාල් රංගනයෙන් දායක වන අලුත්ම මලයාලම් චිත්රපටය ශ්රී ලංකාවේ රූගත කිරීම් මේ වන විට අරඹා තිබෙන අතර මම්මුටි ශ්රී ලංකාවට පැමිණියේ නොවැම්බර් 22 වැනිදාය.
ඒ ශ්රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානයකිනි.
වසර 20කින් අනතුරුව එළඹෙන මම්මුටි සහ මොහාන් ලාල් එක්ව කරන රඟපෑම් සහිත මෙම චිත්රපටය මසක පමණ කාලයක් ශ්රී ලංකාවේ, කේරළයේ සහ ලන්ඩන්හිදී රූගත කිරීම් සිදු කිරීමට නියමිත අතර මම්මුටි සාදරයෙන් පිළිගැනීමට එහිදී ශ්රී ලන්කන් කාර්ය මණ්ඩලය කටයුතු කර තිබිණි.