lan englan tam

පුවත්

කොන්දොස්තරගේ ඉතුරු රුපියල

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

වේද් අවන්හලේ කොනක ඉඳන් හැංගිලා බලාගෙන ඉන්නවා තාරා එනකම්. ඔහුට පේනවා තාරා අවන්හලට ඇතුලුවෙනවා. ක්ෂණිකව ක්‍රියාත්මක වන වේද්, තාරාව නොදැක්කා සේ හිඳගෙන තම ජංගම දුරකථනයට නෙත් නාභිගත කරගන්නවා. මොකද වේද්ට උවමනා උනේ නෑ හෝ හයියක් තිබුණෙ නෑ තමන්ට තාරාව කෙතරම් වටිනවාද කියන එක ඈට දනවන්න. ඔහු ඈ නොදැක්කා සේ ඉන්න හිත හදාගන්නවා.

තාරා ඇවිත් වේද්ට කතා කරනවා ඈ ඔහුගෙන් සමාව අයදිනවා. වේද්ට ඇතුලාන්තයෙන්ම අවශ්‍ය වෙනවා ඈ මේ අයදින සමාව එකෙනෙහිම දීලා දාන්න. ඒත් ඒකට හයියක් හෝ උවමනාවක් වේද්ට තිබුණේ නෑ. වේද්ට ඕන වෙනවා තමන්ගේ ඉස්සරහ මේ කඳුලු එක දෙක මවාගෙන දෙකොපුල් ධෝවනය කරගන්නා සුරූපී යුවතිය තදින් වැළඳගන්න, සැබැවින්ම තමා උවමනාවටත් වඩා සැර වෙද්දී තමාගෙන් ම නිකරුණේ සමාව ඉල්ලන ඈව වැළඳගන්න. නමුත් වේද්ට හයියක් හෝ උවමනාවක් නෑ.
නමුත් තාරා හරියටම දන්නවා වේද් ට නැත්තේ හයියක් ද උවමනාවක් ද කියල. ඉන්න, මම කියන්නම්..
තාරා ඒ දේ දන්න නිසාම, තමාගේ සියලු අභිමානයන් පැත්තක තබා ඒ තරම් වැඳ නොවැටිය යුතු තැනක වුවත් වේද්ගෙන් දිගින් දිගටම සමාව අයදිනවා.
තාරා ඒ දේ දන්න නිසාම, වේද් තමාව ප්‍රතික්ශේප කරන්න කරන්න ඔහුටම ඇලෙමින් ඔහුව නවතාගන්න උත්සාහ කරනවා.
තාරා ඒ දේ දන්න නිසාම, ඈගේ මුවින් පිටවෙන වචනයක් වචනයක් පාසා පරිස්සම් වෙනවා.
තාරා ඒ දේ දන්න නිසාම, වේද් ව තදින් වැළඳගන්නවා. වේද් මොහොතකට මෙල්ල වෙනවා.
මොකක්ද මේ තාරා දන්න දේ. මම කලින් කිව්ව හේතු දෙකෙන් මොකක්ද තාරා තෝරණ වරණය.. වේද්ට නැත්තෙ උවමනාවක් ද හයියක් ද?
සරලයි, තාරා දන්නවා වේද්ට නැත්තේ උවමනාවක් නොව හයියක් බව. මුලින් කිව්වා වගේම තාරා දන්නවා මේ උණුසුම් වැළඳගැනීම වේද්ට ජීවත්වෙන්න අත්‍යාවශ්‍ය බව.
ඒ වගේම තාරා දන්නවා වේද් ට ඒ වැළඳගැනීමට පෙළඹීමට ඔහුගේ ඇතුලාන්තය ඉඩ නොදෙන බව.
ඒ වගේම තාරා දන්නවා වේද් තමාව පවා සොයාගැනීමට කෙතරම් වෙහෙසක් දරමින් සිටිනවාද යන වග.
ඉතින් වේද්ටම අත්‍යාවශ්‍ය වෙන මේ වැළඳගැනීම, මේ නිශ්චිත මොහොතේ අනවශ්‍ය විදියට, ව්‍යාජ පෞරුෂයක් මවාගෙන තමාට සැරවෙන වේද්වම ඉවසගනිමින්, තමාගේම අවශ්‍යතාවයක් ලෙසටම අරගෙන තාරා විසින් සිද්ධ කරන කැපකිරීමක්ම ය.
මට මතක් වෙනවා මජිලි චිත්‍රපටයේ නාග චෛටාන්‍යාට තම බිරිඳගේ චරිතය රඟපාන සමන්තා විසින් යම් මුදල් ප්‍රමාණයක් දෙනවා. ඒ මුදල සමන්තාගේ උනත්, එය සමන්තාගේ ය යන ස්ථානයේ සිට භාර ගැනීමට නාග චෛතාන්‍යා මැලිකමක් දක්වනවා. නමුත්, ඒ ගැන හොඳින්ම දන්න සමන්තා බොරුවක් කියනවා මේ සල්ලි ඔයාගේ සාක්කුවේ තිබිලා හම්බවුනේ කියල. ඒ බොරුවක් බව දෙන්නම දන්නවා. නමුත් අන්න ඒ නිශ්චිත මොහොතේදි නාග චෛතාන්‍ය ඒ මුදල් භාරගන්නවා.
මෙන්න මේ වැළඳගැනීමත් මම එවැනිම තැනකට ලඝු කරගන්නවා. අනවශ්‍ය ලෙස තාරාට නපුරුවෙන වේද්ගෙ හිතේ තියන්නෙත් ඈගේ වැළඳගැනීමේ අවශ්‍යතාවය නමුත් ඔහුට ඊට හයියක් නෑ. නමුත් තාරා දන්නවා වේද්ට එය අවශ්‍ය බව. ඉතින් වේද්ගේ කල්ක්‍රියාව ඉවසගෙනම ඈ මහත් ආයාසයෙන් ඔහුව වැළඳගෙන මොහොතකට දමනය කරගන්නවා...
ප්‍රේමය නම් එය ය.. ! අන්කන්ඩිශනල් ය. පිරිසිදු ය. නමුත් එකිනෙකා ඉවසීමට වඩා දෙදෙනාම මුසුවීම වැදගත් ය. මුසුවී හුරුවීම වැදගත් ය.
කෙසේ හෝ , අපි හැමෝම තියනවා කියලා දන්න කොන්දොස්තරගෙ ඉතුරු රුපියල ලැබෙනවට අපි කැමතියි. හැබැයි ඉල්ලන්න ලැජ්ජ උන් ගොඩයි.

#9YearsofTamasha

තාරක සඳරුවන් ජයවර්ධන - Indian Cinema Fan Club

Back to top
Go to bottom

Popular News