මේ කතාව නිර්මාණය වෙන්නෙ 2011 තිරගත වුණ Sleep Tight කියන ස්පාඤ්ඤ චිත්‍රපටය පදනම් කරගෙන. නිවාස සංකීර්ණයක පීඩිත ජීවිතයක් ගතකරන මුරකරුවෙකුට හිතෙනවා තමන්ට නොලැබෙන සතුට තමා වටා ජීවත්වෙන අනිත් අයත් නොවිඳිය යුතුයි කියලා. ඔහුගෙ සැලසුම ඔවුන් වේදනා විඳිනවා දැකීම. එක්දවසක ඔහුට හමුවෙනවා සිනාමුසු මුහුණෙන් ඉන්න, බැලූබැල්මට සැහැල්ලු ජීවිතයක් ගතකරන යුවතියක්. ඔහුගේ ඊළඟ ඉලක්කය වෙන්නෙ ඇයව. ඔහුට අවශ්‍යයි ඇයගේ සතුට විනාශ කරන්න. Sleep tight හි ඔබ කතාව දකින්නේ මුරකරුගේ දෘෂ්ටියෙන්. Door lock නිර්මාණය කරන්නේ kyung Min නම් ඒ වින්දිත යුවතියගේ දෘෂ්ටිය පදනම් කරගෙන. උදේ ඇඳෙන් නැගිටින ඇයට කැරකිල්ලක් ඇස් හැරීමේ පවා අපහසුවක් දැනෙනවා. ඉලෙක්ට්‍රෝනික දොර අගුලේ පියන නිතර විවෘතව පවතිනවා හරියට කෙනෙක් දොරේ කේත අංකය ඔබන්න උත්සයක් ගත් බව පේනවා. රාත්‍රියේදි දොර අගුල අරින්න යමෙක් උත්සහ කරනවා. කිහිපවරක්ම මේ ගැන ඇය පොලිසියට දැන්වුවත් පොලිසියට ඇගෙන් නිතර එන මේ පැමිණිලි හරියට ගමට කොටියා එනවෝ කිව්ව කතාව වගේ. ඇත්තටම වෙන සිද්ධිය කිව්වත් පොලිසියට ඇයව අවිශ්වාසයි. ඒ අතරේ ඇගේ නිවස තුල මිනීමැරුමක් වෙනවා. පොලිසියේ ඇස් යන්තමින් ඇයගෙ කතාව වෙතට යොමුවෙනවා එතකොට. කතාවේ ඉතිරි ටික කියනවට වඩා බලන එක හොඳයි.
පුවත්
Korean Thriller; Door Lock (2018)
කොරියානු thriller කියන්නේ උසස්ම මට්ටමක පවතින්නක්. මූණේ කිසි ලේ කදුලක් නැති, හැගීමක් දැනීමක් නැති විදිහේ දරුණු දාම ඝාතකයන්ව දක්ෂ විදිහට තිරයේ මවන්න කොරියානුවන්ට තියෙන්නෙ පුදුම හැකියාවක්.
මේක හොඳ ත්‍රිලර් එකක් තමයි. හැබැයි මෙහෙමයි. නිතර psychological thriller බලන කෙනෙක්ට මේකෙ සමහර තැන් ලේසියෙන්ම අනුමාන කරන්න පුලුවන්. ඒ වගේම trailer එක නොබලා චිත්‍රපටය බලනවනම් වඩාත් හොඳයි. කොහොම උනත් මේ පැය 1 යි විනාඩි 43 කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්. ඊට කලින් බලන්න ගෙදර දොර හරියටම ලොක් කරලද කියලා
හසරංගි වීරකෝන්
-
Category
පුවත් -
Hits
71 times