IMDB 2024 ලයිස්තුවට අනුව ඉන්දියාවේ ජනප්රියම රංගන ශිල්පී අංක එක වීමට ඉන්දීය නිළි ට්රිප්ටි දිම්රි සමත් වූවාය.
මෙය බොලිවුඩයේ අඛණ්ඩවම සිනමා රජු බවට පත් වූ, පසුගිය වසරේ ජනප්රියම නිර්මාණවලට දායක වූ ෂාරුක් ඛාන්ද අභිබවා යාම බොහෝ දෙනෙකු විමතියට පත් වී තිබේ.
කෙසේ නමුත්, මෙයට අහඹු හේතුවක් නොවන අතර ට්රිප්ටි පසුගිය වසරේ තමන් රඟපෑ චිත්රපට මේ සඳහා හේතු වී තිබේ. නමුත්, එහි විශේෂත්වය වන්නේ බෙහෙවින් සරාගී රඟපෑම් සහිත චිත්රපටවලට ට්රිප්ටි දායක වීමය. එවැනි දර්ශන සඳහා දායක වූ බොහෝ නිළියන්ගේ දර්ශනවලට වඩා ට්රිප්ටි සහභාගි වූ රඟපෑම් බෙහෙවින් ජනප්රිය වීමය.
දීපිකා, ෂාරුක් වැන්නන් සෑම වසරකම තම අඛණ්ඩ ජනප්රියත්ව පවත්වාගෙන තිබුණත් මේ සියල්ලට වඩා ට්රිප්ටි දායක වූ රඟපෑම් ඉහළට පැමිණීම තිබීම රහසක් නොවේ.
දීපිකා පදුකෝන්, ඉශාන් කට්ටර්, ෂාරුක් ඛාන්, ශෝභිතා දුලීපාලා, ශර්වරී වාග්, අයිශ්වර්යා රායි බච්චන්, සමන්තා රූත්, ආලියා භාත්, ප්රභාස් යනාදීන්ද සිය පෞද්ගලිකත්වය සහ ඇතැම් නිර්මාණ හේතුවෙන් සමාජ අවධානය සහ ප්රශංසා ලැබුවද ට්රිප්ටි මේ ලයිස්තුවේ එක වීමට තමන් තෝරා ගත් චරිත නිරූපණ නිසැකවම මේ සඳහා හේතුවක් වී ඇත.
විශේෂයෙන් ලයිලා මජ්නු, කාලා වැනි චිත්රපටවල රඟපෑ සාම්ප්රදායික චරිත වෙනුවට බොහෝ දෙනාගේ අවධානය ලැබූ නමක් හැටියට ට්රිප්ටි හැඳින්වුණේ රන්බීර් කපූර් සමග පසුගිය වසරේ රඟපෑ Animal චිත්රපටය හේතුවෙනි.