lan englan tam

පුවත්

අපෙන් සමුගත් කලා ලොව ජනප්‍රියම සෙල්ෆි රසිකයා

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සම්පත් සුදුසිංහ යනු සෑම විටම සිනමාවට මෙන්ම සෑම කලා කටයුත්තකටම දේශීය විදේශීය හෝ වර්ගීකරණයකින් තොරව බෙහෙවින් ආදරය දැක්වූ තැනැත්තෙකි.

සිනමා රසිකයකු ලෙස වඩාත්ම ජනප්‍රිය වූ අතර ඔහු හදිසියේ සිය හිත මිත්‍රන්ට සහ කලා ලෝකයට සමු දුන්නේ කලාකරුවන් අතරද සංවේගයක් ඇති කරමිනි.
සිය ජීවිතයෙන් සමුගන්නා විට 52 වැනි වියේ පසු වූ ඔහු ගාල්ල රිච්මන්ඩ් විදුහලේ සහ කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකි.
වෘත්තීයෙන් උසස් පෙළ ගණිතය සහ භෞතික විද්‍යාව පෞද්ගලික ගුරුවරයෙකු ලෙස කටයුතු කළ සුදුසිංහ මහතාගේ ප්‍රිය බිරිඳ නිශාන්ති පීරිස්ය.
දශකයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ ඉළිමහන් මෙන්ම ගෘහස්ත කලා කටයුතු මෙන්ම සෑම පොත් එළිදැක්වීමේ අවස්ථාවකටම සහභාගි වීමට අමතක නොකළ තැනැත්තෙකි.
භාරත රසික සිනමා සංසදයේ ජනප්‍රිය සාමාජිකයෙකු වන ඔහු පිළිබඳව සංවේගය මුසු සටහනක් එම සමූහය තුළද පළ වී තිබිණි.

Back to top
Go to bottom

Popular News