සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම හෙවත් ලේක් හවුස් ආයතනයේ දිනමිණ සහ සිළුමිණ පුවත්පත්වල කර්තෘවරුන් ලෙස ප්‍රදීප් දසනායක සහ උදේනි සමන්කුමාර යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පත් කරනු ලැබ තිබේ.
මාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රායෝගිකව බොහෝ කටයුතු කළ සහ ගුණාත්මක ලිපි ලේඛනයෙන් සමාජයට පණිවිඩ ලබා දීම වෙනුවෙන් කැප වූ මාධ්‍යවේදීන් දෙපලක් ලෙස මෙම මාධ්‍යවේදීන් දෙදෙනා හැඳින්විය හැකි අතර ඒ අනුව මෙතෙක් එම තනතුරු හෙබවූ කර්තෘවරුන් වෙනුවට නව මාධ්‍යවේදීන් දෙදෙනා අලුතෙන් කර්තෘ තනතුරු සඳහා පත් කර තිබේ.
ප්‍රදීප් දසනායක යනු බොහෝ කාලයක් අංකුර ලේඛක ලේඛිකාවන්ට තෝතැන්නක් වූ ලංකාදීපයේ 'පන්නරය' පිටුවේද සංස්කාරකවරයා වේ. උදේනි සමන්කුමාර මව්බිම පුවත්පතේ බොහෝ කාලයක් දේශපාලනයේ ඓතිහාසික ලිපි මෙන්ම බොහෝ ඵලදායී ලිපි පාඨකයින්ට දායාද කළ මාධ්‍යවේදියෙකි.
සහෝදර මාධ්‍යවේදීන් දෙපලට කතුවරුන් හැටියට සමාජයට යහපත් ප්‍රකාශන දායාද කිරීමට හැකියාව ලැබේවා!