සංකාරා, කර්ම, 28, දඩයක්කාරයා සිංහල සිනමාවට තිළිණ කළ අපේ රටේ දක්ෂ සිනමාකරුවකු වූ ප්රසන්න ජයකොඩි අධ්යක්ෂණය කරන ලද චන්දරේගේ Wife දැන් රිදී තිරයෙන් දැක ගන්නට ලැබෙනවා. කාලයකට පසුව නදීශාව රිදී තිරෙන් මුණගැසීමත් විශේෂත්වයක්. චන්දරේගේ Wife ගැන ප්රසන්න ජයකොඩි කියන්නේ මෙහෙම කතාවක්.
චන්දරේගේ Wife චිත්රපටය මම හිතන්නේ මගේ අනිත් චිත්රපටවලට වඩා පොඩි වෙනසක් තියෙනවා. අනිත් චිත්රපට ඔක්කොම කළේ මට ඕනේ විදියට. මේ චිත්රපටය මම කරන්නේ ප්රේක්ෂකයාට දැනෙන විදියට, ඒත් මට ඕනේ විදියට. අනිත් දේ තමයි මම අනිත් චිත්රපටවලට නම් දැම්මා එහි යටිම පෙළ අල්ලාගෙන. සංකාරා, කර්ම, 28. 28 කිව්වම මෙලෝ දෙයක් තෙරුන් නැහැ කාටවත්. හැබැයි චන්දරේගෙ වයිෆ්. එතැනම තියෙනවා වෙනස. චන්දරේගෙ වයිෆ් කියන්නේ උඩම තලයේ තියෙන ලයින් එක. එහි යටිපෙළක් තියෙනවා.
මේකේ තියෙන්නේ ඇත්තටම අපේ වයිෆ්ලා. මගේ වයිෆුත් කිව්වා ඒක. චන්දරේලා එක එක වීර ක්රියා කරද්දී, වයිෆ්ලා බිමේ ඉඳන් කරන අරගලය. ඒ අරගලයට අපි සංවේදී වෙන්නේ නැහැ. අපිට දැනෙන්නේ නැහැ. අපිට පෙන්නේ නැහැ. ඒ නොපෙනෙන අරගලය තමයි මේ චිත්රපටයේ තියෙන්නේ. ඒ අරගලය දේශපාලනිකයි, සමාජීයයි. හරි සංවේදියි. මේ චිත්රපටයට අපේ ශිල්පීන් ඉතා වෙහෙස මහන්සි වුණා. අපි ලොකු කැපකිරීම් ගොඩක් කරගෙන කරපු චිත්රපටයක්. මගේ චිත්රපටවලට සම්බන්ධ වෙන සියලුම දෙනා ඒ කාලය තුළත් ඉන් පසුවත් මා එක්ක ලොකු කැපවීමක් තිබුණා.
ඒක තමයි මම ලබපු දායාදය. මොකද මට වන සිහිනයක් නැහැ.
මට තියෙන එකම පිස්සුව මේක තමයි. ඒ පිස්සුව එක්ක හිටගන්නවා ආපු හැම කෙනෙක්ම. එහි ප්රතිඵල අපිට හම්බවුණා. මගේ කණ්ඩායමේ හැම දෙනාටම බොහොම ස්තුතියි.“
- rasanduna -



