තෙලිඟු, දෙමළ සිනමා නිර්මාණවලට වැඩි දායකත්වයක් දෙමින් ඉන්දීය සිනමාවේ ජනප්රිය මුහුණක් බවට පත් වූ කුසලතා පූර්ණ නිළි කීර්ති සුරේශ් අද (12) දිනයේ යුග දිවියට එළඹුණාය.
සිය පවුල් දෙකෙහි සහ මිතුරන්ගේ ආශිර්වාද ඇතිව ඇගේ දිගු කාලීන පෙම්වතා වන ඇන්ටනි තටිල් සමග කීර්ති විවාහ දිවියට එළඹුණාය.
වසර 15කට ආසන්න කලක් දෙදෙනා පෙම්වතුන් ලෙස කල් ගත කර ඇති අතර ඇන්ටනි කීර්තිගේ ගම් පෙදෙස වන කොචිහි පදිංචිකරුවකු වේ.