Bosque සිද්ධිය
1936 -1939 කාල පරාසය තුළ ස්පාඤ්ඤයේ සිවිල් යුද්ධයක් සිදුවිය. එහි එක් සංධිස්ථානයක දි එරට ෆැසිස්ට් නායක Franco විසින් ස්පාඤ්ඤයේ ජයග්‍රහණය වෙනුවෙන් හිට්ලර් හා මුසෝලිනිගේ ආධාර ලබා ගන්නට විය.ඒ අනුව නාසි යානා මගින් හදිසි පහරදීම් කිහිපයක් ස්පාඤ්ඤය වැටලු අතර එහි ප්‍රබලම පහර ස්පාඤ්ඤයේ ගුවර්නිකා නගරයේ Bosque ප්‍රදේශයට එල්ල කරන ලදි.මේ හේතුවෙන් එම නගරය මුළුමනින්ම පාහේ විනාශ වු අතර එය එකී ජනතාවට ප්‍රබල කම්පනයක් ඇති කිරීමට සමත් විය.
එම කම්පනයේ අතුල් පහර පිකාසෝ ගේ කැන්වසයට ද පින්සලට ද බලපෑම් කළා විය හැක ඒ අනුව 1937 දී Bosque සිද්ධිය පාදක කොටගෙන ඔහු "Guernica" නම් සිතුවම තව කැන්වස් මුහුණතට නගන්නේය.
කතා කරන සංකේත
එහි හුදකලාවබව ,වැළපීම් ,යුක්තිය ඉල්ලා මොරදීම් ,මළවුන් වැලඳ ගැනීම් ආදි හැඟීම් මැනවින් ප්‍රකාශ කර ඇත.එම හැඟිම් ප්‍රකාශයට රූප කොටස්වල සංරචනයන් භාවිතා කිරීමත් ඒ අතර අශ්ව ,ගව,ස්ත්‍රී රූප ,විදුලි බුබුලු ආදි එකිනෙක විවිධ සුන්බුන් මාදිලියන් භාවිතයත් ලෙස චිත්‍ර සම්පිණ්ඩනය කිරීමක් දැකිය හැක. එනිසාම බැලු සෙයින් නොවැටහෙතත් යුද්දයේ බිය හා විනාශකාරී බව සංකේතමය අනුසාරයෙන් දක්වා ඇති බව පෙනේ.
මෙහි සියල්ල සියුම්ව නිරික්ෂණය කරන තැන සිතුවමේ දකුණු පස තම මියගිය බිළිඳා බදාගෙන ධාරක ස්නේහයෙන් වැලපෙන කාන්තාවකගේ රුව සිතුවම හා නරඹන සිත් සලිත කරයි.එම මානසික ස්වභාවයම අපත් මැනවින් අත්දැක ඇත්තෙමු නොවෙද? ඉඳින් යුද්ධය නම් වචනයේ අරුතින්ම බියකරුය...එහි කිසිත් සොඳුරු දිග හැරුම් නොවේ...
ආකෘතිය
මෙම චිත්රනය සඳහා ඝණිකවාදි ආකෘතිය යොදා ගැන්ම මගින් ජ්‍යාමිතිය රේඛා , කලාවට එකතු වු අපූරු අවස්ථාවක් ලෙස පෙන්වන්නට හැක.එහිදී මුලිකත්වය ලැබෙනුයේ බාහිර කාය ලකෂණයන්ට නොව අභ්‍යන්තරයටය. කෝලාජ් ක්‍රමය සිතුවම් කලාවට එක්වන මුල්ම අවස්ථාව ලෙසද "ගුවර්නිකා" හැඳින්විය හැක. ග්‍රික හෝ රෝම සම්මත ලක්ෂණ ,හැඩතලයන්ට එහා ගිය අසම්මතවාදී ලක්ෂණ සහිත කලාවන්ගේ අභාෂය දැඩිව ඇතැයි විචාරකයන් පවසන අතර මෙම සිතුවම චිත්රනය කර නිම කිරීමට පෙර දළ සටහන් රැසක් ඇඳ අත්හදා බලා ඇත.එයින් 100ක් පමණ 1994 දී පිකාසෝ පිළිබඳ රචිත කෘතියේ (Pablo Picasso 2 )ඇතුළත් කොට ඇත.
වර්ණ භාවිතය
තෙල් සායම් මගින් කළු සුදු වර්ණ ප්‍රභේදයන්ගෙන් පමණක් සිතුවම නිර්මාණය කිරීම විශේෂිතය. සිතුවම පුරා අඳුරු වර්ණ මාලාවන් තුළින් යුද්ධයේ අඳුරත් ඒ අඳුර මිනිසා වෙලාගෙන සිටින ආකාරයත් පෙන්වනවා විය හැක.
135×725cm ප්‍රමාණයේ ගුවර්නිකාව වත්මන් නිව්යෝර්ක් නුවර කලාගාරයක ප්‍රදර්ශනයට තබා ඇත.
-empowermultimedia-