lan englan tam

පුවත්

නවකතාවෙන් අලුත් ටෙලි කියැවීමක්; සිටුවර පුවත

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

2012 වර්ෂයේ රාජ්‍ය සාහිත්‍ය උළෙලේදී හොඳම නවකතාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ රූපා ශ්‍රියාණි ඒකනායකගේ සිටුවර පුවත නවකතාව ඇසුරින් චමිල් පතිරණ විසින් අධ්‍යක්‍ෂණය කරන ලද 'සිටුවර පුවත' ටෙලිනාට්‍යය මේ වන විට ජාතික රූපවාහිනියෙන් සෑම දිනකම රාත‍්‍රී 8.30ට විකාශය වීම ආරම්භ කොට තිබේ.

අප කියවා රස විඳි නවකතාවකින් හෝ කෙටි කතාවකින් සිනමා නිර්මාණයක් හෝ ටෙලි නාට්‍යක් ප‍්‍රතිනිර්මාණය කරන විට එය ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනයට සුදුසු අයුරින් නිර්මාණය කිරීම යම්කිසි අභියෝගාත්මක කාරණයක්.
ලංකාවේ සිනමා ඉතිහාසයේත් ටෙලිවිෂන් ඉතිහාසයේත් බොහෝ ජනප‍්‍රිය නවකතා, කෙටිකතා, චිත‍්‍රකතා මේ ආකාරයෙන් සිනමාවට මෙන්ම රූපවාහිනියට ද නිර්මාණය කොට තිබේ.
පාඨකයාගේ පරිකල්පන චිත‍්‍රනයට රසයට හානියක් නොකොට නිරමාණයක් ඉදිරිපත් කිරීමට බොහෝ අය සමත්ව තිබු සේම සමහර නිර්මාණ අසාර්ථකවත් තිබිණි. කෙසේවුවද සිටුවරපුවත කියවා රස විඳි පාඨකයන්ට චමිල් පතිරණ විසින් රූපණය කරන ලද ටෙලි නාට්‍ය තුළින් අලුත් කියැවීමක් නැරඹීමක් දකින්නට හැකියි.
රොෂාන් රවීන්ද්‍ර උදාරි වර්ණකුලසූරිය විශ්වජිත් ගුණසේකර මීනා කුමාරි, කුමාරි මුණසිංහ, ජනක් පේ‍්‍රමලාල්, රමණි සිරිවර්ධණ, මනෝජා ප‍්‍රනාන්දු, පූජන දන්දෙණිය ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිණියන් විශාල පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙනවා, මෙහි තිර රචනය චාලක රණසූරියයි. සංගීතය චින්තන ජයකොඩිගෙනි. සිටුවර පුවත චන්දන ලියනගුණවර්ධන ගේ නිෂ්පාදනයකි.

Back to top
Go to bottom

Popular News