ආසියාවේ දැවැන්තම වේදිකා නාට්‍ය උත්සවය වන 2025 නවදිල්ලි අන්තර්ජාතික භාරත් රංග මහෝත්සවය සත්කාරක රටක් ලෙස මෙවර ශ්‍රී ලංකාවද තෝරාගෙන තිබේ.
ඉන්දියානු සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ ජාතික නාට්‍ය ආයතනය එක්ව ලංකාව තෝරාගැනීමට කටයුතු කර ඇත.
ඉන්දියාව තුළ ප්‍රාන්ත ගණනාවක, විවිධ ගණයේ, විවිධ භාෂාවල නාට්‍ය 75කට අධිකව වේදිකාගත වීමට නියමිත අතර එයට විදේශ නාට්‍ය ගණනාවක් සමග ලංකාවේ සිංහල නාට්‍ය දෙකක්ද අන්තර්ජාතික නාට්‍ය උලෙළට තේරී පත් වී ඇත.
2025 පෙබරවාරී මස මුල් සතියේ ලංකාවේද සමාන්තරව පැවැත්වීමට නියමිතව ඇති නාට්‍ය උත්සවයේදී අන්තර්ජාතික නාට්‍ය ගණනාවක් රස විඳීමට ප්‍රේක්ෂකයාට අවස්ථාව සලසා දීමට ඉන්දීය රජය සංවිධාන කටයුතු කරමින් පවතී.