lan englan tam

පුවත්

මගේ හටන මේ රටේ සියලු සිවිල් පුරවැසියන් වෙනුවෙනි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

කසුන් මහේන්ද්‍ර හීනටිගල ලේඛකයා සහ කලාකරුවා මෙන්ම ඔවුන්ගේ පවුලට පසුගියදා සිදු වූ හිරිහැරය තමන්ට පමණක් නොව ශ්‍රී ලංකාවේ වසන සෑම සිවිල් පුරවැසියකුටම සිදු වූ නරක සිදුවීමක් කොට ගනිමින් ඒ සඳහා යුක්තිය ඉටු කරගැනීමට තමන් කටයුතු කරන බව ඔහු පවසයි.

අතුරුගිරිය පොලිසිය විසින් මීට දින කිහිපයකට පෙර ජාතික හැඳුනුම්පත කසුන් සතුව නොමැති බව පැවසීම හේතුවෙන් ඇති වූ තත්ත්වයක් උඩ ඔහු පොලිසියට රැගෙන ගිය බවත් කසුන්ගේ බිරිඳ කලා ශිල්පිනියක වන මාධවී වත්සලා සහ කසුන්ගේ සොහොයුරියටද පොලිසිය විසින් අපහාස කරනු ලැබූ බවත් කසුන් සිය සමාජ ජාල ගිණුම් ඔස්සේ දැනුවත් කරනු ලැබ තිබිණි.
සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට කසුන් පොලිස් මූලස්ථානයට පැමිණිලි කර ඇති අතර මෙම තත්ත්වය පිළිබඳව මිශ්‍ර ප්‍රතිචාර හිමි වෙමින් තිබේ.
කෙසේනමුත්, කසුන් අද උදෑසන සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුණේ මෙවැන්නකි.

"යුක්තිය ඉෂ්ටවන තුරු නොනවතින මගේ හටන මේ රටේ සියලු සිවිල් පුරවැසියන් වෙනුවෙනි ! නීතිය සහ සාමය රැකිය යුත්තන් අතින්ම අත්තනෝමතික ලෙස මානව හිමිකම් කඩවූ සුවහසක් තරුණ තරුණියන් වෙනුවෙනි ! පොලිස් වධ හිංසාවෙන් මිදීමට අප සැමට ඇති මානව අයිතීන් සුරක්ෂිත කරලීම වෙනුවෙනි !"

Back to top
Go to bottom

Popular News