lan englan tam

පුවත්

සායි - චෙන්නායි චිත්‍රපට සම්මාන උළෙලේ හොඳම නිළිය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

චෙන්නායි චිත්‍රපට සම්මාන උළෙලේ 2024 පසුගියදා පැවැත්විණි.

මෙවර සම්මාන උළෙල පැවැත්වුණේ 22 වැනි වරට වන අතර එහිදී ජනප්‍රිය නිළි සායි පල්ලවී බොහෝ අවධානයට ලක් වූ 'අමරන්' චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම නිළිය සම්මානය ලබා ගත්තාය.
තමන් රඟපාන බොහෝ චරිත කෙරෙන් ප්‍රේක්ෂක මතකයේ රැඳෙන සායි අමරන්හි කළ රඟපෑම ගැන චිත්‍රපටයට තිරගත වූ කෙටි කාලයේදීද කතාබහට ලක් විය.
සායි චිත්‍රපටයේ රඟපෑ 'ඉන්දු වර්ගීස්' යනු සැබෑ චරිතයක් වේ.
සම්මාන උළෙලේදී හොඳම චිත්‍රටය, හොඳම සංගීත අධ්‍යක්ෂ, සිනමාකරණය යන සම්මානද 'අමරන්' චිත්‍රපටය වෙනුවෙන් හිමි විය.
කෙසේ නමුත්, හොඳම නළුවා සම්මානය අමරන්හි සිවකාර්තිකේයන්ට හිමි නොවිණි.

kemadasa

shungara

Back to top
Go to bottom