වංග මහා සිනමාවේදී සත්‍යජිත් රායි විවාපත් වූයේ ඔහුට වඩා වයසින් වැඩිමහලු සිය ඥාති සොහොයුරිය වන බිජෝයා සමගය..
මහා සිනමාවේදියාට සෙවනැල්ල සහ ශක්තිය වූයේ ඇයයි.. ඇය ,ඔහු ඇමතුවේ මනික් යන ආදරණීය නාමයෙනි.. රායිගේ අසමසම සිනමා නිර්මාණයක් වන චාරුලතා නරඹන විට මට සිහිපත් වන්නේම
ඇයයි.. චාරුලතාට රඟන රංගනවේදිනිය බිජෝයාගේ තුරුණු රුවට බෙහෙවින් සමාන යැයි මට සිතේ..
මේ යුවළම අප අතර නැතත්, ඔවුන්ගේ අමරණීය මන බඳනා ජීවන සුවඳ කලා රසිකයන් වන අප වටා නිබඳ දැවටේ...
ඔවුහු ,දිව්‍යමය ආත්මයන් අතර ඇතැයි සිතමි..
ශාන්ත කුමාර විතාන ෆේස්බුක් සටහනකි