"මුල් කාලේ දෝෂාරෝපණයක් තිබ්බා අපි භාෂාව කනවා කියලා. ඒක මම අදටත් පිළිගන්නේ නෑ ගැමුණු."
'මතක පද' යූටියුබ් සංවාදයේ පූරක ගැමුණු වන්නිආරච්චි සමග මෙසේ පවසන්නේ ශ්‍රී ලාංකේය එෆ්එම් ගුවන්විදුලි කලාවට ආරම්භය දුන් සිරස නාලිකාවේ ආරම්භක නිවේදිකාවක වන නිශාන්ති දිල්රුක්ෂිය.
නිවේදක කලාවට නැවුම් හඬ මුසුවක් කරමින් වසර 25ක් වැනි කාලයක් සිරස තුළ රැඳී සිටින ඇය සිය නිවේදන ජීවිතය ආරම්භය මෙන්ම ආදරය වැනි සංවේදී මාතෘකාද සාකච්ඡාවට එක් කළාය.
"අපි ඔයා - මෙයා කියන භාෂාව නම් පාවිච්චි කළේ නෑ. 'ඔබ' කියන ආමන්ත්‍රණය දිගටම පැවතුණා. ඒ කාලේ දවල්ට වගේම රෑට එළියට බැස්සම 'සිරස' ඇහෙනවා. ඒ ගැන පොඩි ආඩම්බරයක් තිබුණා. නිමල් ලක්ෂපති මහත්තයා කියන්නේ තාත්තා කෙනෙක් වගේ. එයා කියපු වචන පෙළක් මට අදටත් මතකයි. ඌරු කටයි, බූරු පිටයි තිබ්බොත් ඉස්සරහට යන්න ලේසියි කිව්වා. තමන්ගෙ වටිනාකම නැතැයි කියන තැනක රැඳී සිටීම අවශ්‍ය නෑ." යනාදී ලෙස සිය අත්දැකීම් ඇය බෙදාහදාගත්තාය.
"පිරිමියා සොයන්නේ තමන් විවාහයට කලින් තිබ්බ නිදහස. කාන්තාව හිතන්නේ විවාහයට කලින් තිබ්බ ආදරය තියෙනවද කියලා...."
"'මා සඳට කැමති බව' ගීතයෙදි මට හිතෙනවා, හඬ අවදි නොකළත් බොහෝ කාන්තාවන්ගෙ කතාව මෙතන තියෙනවා කියලා. මාධ්යකරණයේදීත් සමහරු කතා කරලා කියනවා, 'දිල් අක්කා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා' කියලා. ඒ අය අපෙන් මොකඛරි සහනයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේ බහුතරයකගේ අත්දැකීම මේ සමග තියෙනවනේ කියලා හිතුනා. මං හිතන්නේ විවාහ සංස්ථාව ඇතුළේ අනෙකාට ගරු කිරීම, සවන්දීම අනෙකාව ඉවසීම වගේ දේවල් නැති තැන අනෙකා ගැන ඇති වන ඊර්ෂ්‍යාව, වෛරය, තමන්ට වඩා අනෙකා කැපී පෙනෙනවාය කියන එක දැනුනොත් සඟවා තැබීමේ ආත්මාර්ථකාමී පද පෙළ ඔතන තියෙනවා." යැයිද ඇය ප්‍රකාශ කරන්නීය.
'මතක පද' යූටියුබ් සංවාදය සෑම සිකුරාදාවකම සවස 04ට එම නාලිකාවේ විකාශය වේ.