lan englan tam

පුවත්

අයිතිකාරයාගේ අදහස තමයි චැනල් එකෙන් පේන්නේ!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

"චැනල් අයිතිකාරයාගේ අදහස තමයි චැනල් එකෙන් පේන්නේ."

ශ්‍රී ලංකාවේ මාධ්‍යකරණය යනු හිමිකරුවාගේ පෞද්ගලික ක්‍රියාවලියක කැඩපතක් වැනි බව ඉහත අදහසින් පෙන්වා දෙන්නේ ජනප්‍රිය කුසලතා පූර්ණ රංගන ශිල්පිනියක වන චමිලා පීරිස්ය.

චමිලා පීරිස් යනු සිය වෘත්තීය වන රංගනයේදී බෙහෙවින් කුසලතා දක්වන නිළියක වන අතරම බොහෝ විට සමාජීය කාරණාවලදීද සක්‍රීයව මැදිහත් වන කලා ශිල්පිනියකි. පසුගිය මහ මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මැතිවරණයට දායක වූ ඇය පාර්ලිමේන්තු යාමේ කඩ ඉමේ ඉතා ආසන්නයට පැමිණියාය.
පසුගිය සෙනසුරාදා (21) මනෝහාරි හේවාවසම් සමග Mirror Arts යූටියුබ් සංවාදයට එක් වූයේ චමිලා පීරිස්ය.
ජනතා විමුක්ති පෙරමුණ සමග ඇති සම්බන්ධය සිය සංවාදයේදී හෙළි කරන ඇය සමාජයට හානිදායක යැයි දැනුණ මිතුරන්ගෙන් පවා තමන් ඉවත් වූ බව පවසයි.
චමිලා - දේශපාලන එකඟතාවය පවුල් ජීවිතයට, මිත්‍රත්වයට, නෑදෑකම් පැවැත්වීමටද ඉතා වැදගත් බවද අවධාරණය කරන වැඩසටහනේදී මෙසේද ප්‍රකාශ කරයි.
"රාජ්‍ය සේවය නම් වෙනස් වෙන්න ඕනේ. එයට සහකම්පනයක් ඇති මිනිස්සු එන්න ඕනේ. මගේ දරුවා වගේම සියලු දරුවෝ අඳින්න ඕනේ, කන්න බොන්න ඕනේ, ඉගෙනගන්න ඕනේ. මේකෙනුත් බැරි වුණොතින් වැඩක් නෑ, කියලා මම හිතනවා. 'චැනල්' අයිතිකාරයාගේ අදහස තමයි අපිට එයින් පේන්නේ."

Back to top
Go to bottom

Popular News