lan englan tam

පුවත්

අයිරාංගනී සේරසිංහට 'නාට්‍ය කීර්ති සම්මානය'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය නාට්‍ය වංශයේ පුරෝගාමී රංගන ශිල්පිනියක ලෙස ඉංග්‍රීසි නාට්‍ය කලාව වෙනුවෙන් කැප වී ක්‍රියා කරමින්ද සිංහල සහ ඉංග්‍රීසි වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කළ උත්තුංග සේවාව අගයමින්ද 2024 රාජ්‍ය නාට්‍ය උළෙලට සමගාමීව ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන 'නාට්‍ය කීර්ති සම්මානය' ප්‍රවීන රංගවේදිනී අයිරාංගනී සේරසිංහ මහත්මිය වෙත පුද කෙරිණි.

ආහාචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි විසින් මෙම සම්මානය රංගන ශිල්පිනිය ඇය මුණගැසී ප්‍රදානය කළ අතර මේ වන විට ඇය 97 වැනි විය පසු කරමින් සිටින්නීය.
ඉංග්‍රීසි නාට්‍යවල රඟපාමින් අයිරාංගනී සේරසිංහයන් ඇන්ටිගනී, ට්වින්ස්, ගෝස්ට්, ද ත්‍රී සිස්ටර්ස් වැනි වේදිකා නාට්‍ය තුළ සිය රංගනය ප්‍රකට කල අතර චිත්‍රපටවලට ඇය සම්බන්ධ වන්නේ 1956 වසරේ තිරගත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'රේඛාව' චිත්‍රපටයේ 'කරලිනා හාමි'ගේ භුමිකාවෙනි.
දෙලොවක් අතර, ඔබ දුටු දා, බක් මහ දීගේ, ද ගෝඩ් කිං, සාගරයක් මැද, දෙවෙනි ගමන, පවන රළු විය, හිම කතර, අවරගිර, ලොකු දුව වැනි සිනමා නිර්මාණවල ඇය රංගනයේ යෙදිනි.
ශ්‍රී ලංකාවේ ඉහළම සම්මාන රැසකට හිමිකම් කියන අයිරාංගනී සේරසිංහයන් වර්තමානය දක්වා සිනමා, ටෙලිනාට්‍ය රංගනයේ නියැලුණාය.
චිර ජීවනය ලබමින් ලාංකේය කලාව පෝෂණය කිරීමට තවද ඇය දෙන දායකත්වයට අයිරාංගනී සේරසිංහයන්ට මෙය පිදිය යුතුම සම්මානයකි.

Back to top
Go to bottom

Popular News