ප්‍රවීණ සිනමාවේදී වසන්ත ඔබේසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇත.
කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකදී අද (08) අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
1962 කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගන්නා ඔහු ප්‍රථමයෙන්ම ලේක්හවස් ආයතනයේ තම සේවය ආරම්භ කරන්නේ 1964දීය.එහිදී ඔහු කෙටිකතා රචකයෙක් බවට පත්වෙයි. අනතරුව 1967 සිරි ගුණසිංහයන්ගේ 'සත්සමුදුර' සිනමා නිර්මාණයේ සහාය තිර කතා රචකහා ලෙස සහ සහාය අධ්යක්ෂවරයා ලෙස සිනමාව ට එක්වන වසන්ත ඔබේසේකර 1970දී තම ප්‍රථම සිනමා නිිර්මාණය වූ 'වෙස්ගත්තෝ' තිර රචනා කරමින් අධ්‍යක්ෂණය කරයි.අනතුරුව 'වල්මත්වූවෝ'( 1976)'දියමන්ති' (1977)'පළගැටියෝ' (1979), මෙහිදී ඔහු හොඳම අධ්යක්ෂ, තිර කතාරචක සහ හොඳම සිනමා නිර්මාණය ලෙස 'පළගැටියෝ' ප්‍රථම වතාවට ජනාධිපති සම්මානයෙන් පිදුම් ලබයි.
වසන්ත සිනමාව තම අනසකට යටත් කරගත් ආධිපත්‍යධාරී සිනමාකරුවකි. ඒ නිසාම ඔහු තම නිර්මාණයන් තුළින් සිනමාවේ විවිධ පර්යේෂණය කිරීම ට පෙළඹිනි. මේ පෙළඹුම ලාංකේය පේ්රක්ෂකයන්ට නැවුම් බවක් ගෙනදුන්නා සේම සංස්කරණ රීතීන් තුළ එය නව්‍ය වෙනසක් විය. රුපය හා ශබ්දය පිළිබඳ රීතිය සම්ප්රදාය අතික්‍රමණය කරමින් ඔහු රුපය හා ශබ්දය අතර වෙසක් ඇති කරණු ලැබීය. මෙය එකළ ලංකාවට වෙනස් අලූත් දෙයක් විය. වසන්ත ඔබේසේකර ගේ සිනමා භාවිතය දෙස බැලීමේදී ඔහුගේ සිනමා නිර්මාණ අතළොස්සම මෙරට සිනමා ඉතිහාසයේ සුවිශේෂ නිර්මාණෙ ලස ඉතා පැහැදිළිව සනිටුහන් වේ.මන්ද ඔහුගේ එම සියළු නිර්මාණ පවතින සමාජ දේශපාලනික ආර්ථික පසුතලයේ සැබැව චිත්රනය කිරීමකි.
'දඩයම' වසන්ත ඔබේසේකරගේ ස්වර්ණමය සිනමා මුද්‍රාව බවට පත්වෙයි.
1983දී එයට හොඳම තිර රචනය, අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටය, හොඳම රංගන ශිල්පියා, රංගන ශිල්පිණිය ඇතුළු සම්මාන ගණනාවක් ලබාගැනීමට හැකි විය. අනතුරුව වසන්ත නිර්මාණය කළ සිනමා නිර්මාණ වූයේ'කැඩපතක ජායා', 'මාරුතය', 'දොරකඩමාරාව', 'තිර්තයාත්රාව' සහ 'සළෙළුවරම', 'අග්නිවර්ෂා', 'ආගන්තුකයා' සහ 'සෙව්වන්දි' යි.වසන්ත ඔබේසේකර 'කැඩපතකජායා' වලින් පසු යළි සම්මානයට පාත්රවන්නේ 'තීර්ථයාත්රා' තුළිනි.
වසන්ත ඔබේසේකර යනු ලාංකේය සිනමාවේ සුවිශේෂී සිනමා නිර්මාපකයෙකි ඔහු සදා නොමියෙන මතකයන් ඉතිරි කොට නික්ම ගොස් ඇත.
මිරර් ආර්ට්ස් වසන්ත ඔබේසේකර මහතාගේ අභාවය වෙනුවෙන් මෙසේ ශෝකය ප්‍රකාශ කරන්නෙමු.