බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ සංස්කෘතික අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි ප්‍රවීණ රංගන ශිල්පී නීල් අලස් හමු වූ බවත් ඒ මොහොතේ තමන් සමග අල්ලාප සල්ලාපයේ නිරත වූ අයුරුත් සිය ෆේස්බුක් ගිණුම මගින් බෙදාගනු ලැබ තිබේ.
එහිදී තමන් රංගන ශිල්පියාගේ කලාත්මක මතකයද එක් කරමින් සටහන පළ කර තිබූ අතර අවසානයේ නීල් අලස් විසින් ප්‍රකාශ කරනු ලැබූ වාක්‍යයද ගෞරවයෙන් සඳහන් කර තිබිණි.
"අපේ හිතවත් පේමක්කා අල්ලං ගියා...සයිමන් අයියත් ඇල්ලුවා ද දන්නෙ නැ ...
නැ . සයිමන් අය්යා අල්ලන්න බැරි වුණා . මම ගියා අද උදේ ඒ වීරයා බලන්න . මට ලැජ්ජා හිතුණා . කිලෝ මීටර් එක හමාරෙ දුර. අදනෙ ගියෙ. ඒත් දුරින් ඉඳන් දිගට ම හෙව්වා තමා.
..අද බිස්නස් සවුත්තුයි..අපි බලමුකො.
..විලී මහත්තයා, පේමක්කා, සයිමන් අය්යා , පිස්සු වැටුණු සොල්දාදුවා ...තාම ඉන්නවා.
මේ මොන නීතියක් ද...
මේ මොන ජීවිතයක් ද...
තාම ඇහෙනවා. ඒ වාක්‍ය දෙක අපි වෙනස් කරන්න ට්‍රයි කරනවා නීල් අය්යෙ .
මල්ලී ..මිනිස්සු රවට්ටන්න එපා. එච්චරයි ...
ඒ අන්තිම වචන. පුදුම මිනිහෙක්."