70 දශකයේ අති සාර්ථක ජනප්රිය චිත්රපට අධ්යක්ෂ වරයෙක් වූ රාමනන්ද සාගර් මහතා විසින් රාමායණය ටෙලි තිරයට ගෙන එන ලදී.
එහිදී සීතා ලෙස රංගනයෙන් දායක වීමට දීපිකා චික්ලියා නම් නිළිය තෝරා ගනු ලැබීය. එවකට අඩ නිරුවත් සරාගී දර්ශන වල පවා පෙනී සිටි ඇයව, එකී චරිතය සඳහා තෝරාගනු ලැබූයේ ඇගේ ස්වභාවික ඉන්දීය පෙනුම නිසාවෙනි..
රාජාභරණත් පඩු පැහැ වස්ත්රත් හැද සීතා මාතාව ලෙස ඇය රංගනයේ යෙදීමෙන් අනතුරුව ඇය සමාජය තුළ නිතැතින්ම ගෞරවාදරයට පාත්ර වූ බව සදහන් වන අතර වෙලදපළකදී වුවද ඈ දුටු වහාම වැඩිහිටි අයවලුන් පවා ඇයට වන්ඳනාමාන කිරීමට හුරු වී තිබුණි.
එදා අධ්යක්ෂවරයා ඈ නිරූපණය කල අන් චරිත හා භාහිර බලපෑම් නොසලකා කල තෝරාගැනීමෙන් නිර්මාණය කල සීතාව අදටත් ඉන්දියානු තිරය අමරණීයම සීතාව ලෙස දීපිකාව සිහිපත් කරයි.
Historical Paradice-FB