අමිල එදිරිසිංහ පොළොන්නරුවේ සිට පැමිණි වෛද්‍යවරයකු පසුගියදා සිරස 'වොයිස්' වැඩසටහනට සහභාගි වූ අතර අමිල වෙනුවෙන් විනිසුරන් දෙදෙනෙකු හැරීම හේතුවෙන් ඒ පිළිබඳව බෙහෙවින් කතාබහට සහ අවධානයට ලක් වුණේ අමිල දක්ෂයකු සහ රසවත්ව ගයන්නෙකු බව කලා ශිල්පීන් මෙන්ම සමාජ ජාල පරිශීලනය කරන්නන්ද බෙහෙවින් පැවසීම හේතුවෙනි.
අමිල යනු ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන සූර්යා දයාරුවන්ගේ මිතුරකු බව දැනගන්නට ලැබුණේ මෙම අවධානයත් සමගය. පහතින් ඇත්තේ සූර්යා අමිල ගැන සූර්යා තැබූ සටහනයි.
Dr.Amila Edirisinghe ,
මගේ පාසල් කාලයේ මිත්රයා..
මේ ලෝකේ කාටවත් වචනෙකින්වත්, සිතුවිල්ලකින්වත් නරකක් වැරැද්දක් නොකරන, නොකරපු කෙනෙක් හැටියට සොබාදහමෙන් හොද යහපත් උත්තර ගොඩාක් උඹට ලැබිලා තියනවා.පාසල් කාලයෙන් පසුව තාමත් අපිට මුණගැහෙන්න බැරි වුනා.අපි අපේ ගමන මහන්සිවෙලා ආවා.
පසු කාලීනව උඹගේ ලස්සන ගීතයක් #virul වෙනකොට ("නෙලා ගැනුමට") මම කතා කළා උඹට.
මට ඒ පුංචි කාලේ උඹේ අහිංසක,ආදරණීය, අව්යාජ කටහට නැවත අහන්න ලැබුන මොහොතේ මගේ ඇස්දෙකට කදුළු ආවේ හරිම සතුටකින්.
අපි කතා කරනකොට මම ඇහුවා උඹෙන්,
"දැන් මොකද කරන්නෙ මචං?"
"මම දැන් ඩොක්ටර් කෙනෙක් මචං,පොලොන්නරුව හොස්පිටල් එකේ දැන් වැඩ මම" කියලා.
උඹ දන්නවද?
ඒ වෙලාවෙ මගේ තිබුණ සතුට සියදහස් ගුණයකින් වැඩි වුණේ වචනයෙන් කියාගන්න බැරි තරම්.
අපි පොලොන්නරුවේදී,ගමේදී, හිටපු පරිසරය ඒ වටපිටාව,අපි ජීවත් වුනු විදිහ, තිබුණ දුස්කරතා හැමදේම එක්ක මට ලොකු ආඩම්බරයක් දැනුනා.
හරි දැන් ඒ දේවල් ගැන කීවා හොදටම ඇති...
මම දැන් යන්නම් Sirasa TV The Voice Sri Lanka වැඩසටහනට.
"සුමුදු වළාවක" ගීතය අහනකොට මාරම ආසාවෙන් මම බලාගෙන හිටියා. අවසානයේදී #judges ලා හැරුනට පස්සේ. මම ප්රාර්තනා කළේ..මගෙ යාලුවාගේ "ගායකයා"කියන හීනයට,ඉලක්කයට යන්න පුලුවන් විදිහට,ප්රේක්ෂක ආදරය ලැබෙන්නටත්, The Voice SriLanka තරගයෙන් ජයගන්නටත් ශක්තිය ලැබෙන්න ඕනේ කියලා.
“අමිල ,
මචං,
"මට ඕනේ උඹ මේ තරගයෙන් ජයග්රහණය කරනවා බලන්න.”
සොබාදහමෙන් දෙන උත්තර හරි ලස්සනයි.
දැන් බලන බලන #socialmedia #Platforms බොහෝ තැන්වල උඹේ #perfomense එක #share වෙනවා.
උඹට වරදින්නේ නෑ..
එදා උඹේ ආදරණීය ලයාන්විත කටහඩ මම වින්දා වගේම,
දැන් ලංකාවේ වගේම ලෝකයේ බොහෝ අයගේ හදවතේ ගැඹුරුම තැන බොහොම සංවේදීව, ආදරණීයව,
උඹේ ගීතය,හඩ ලැගුම් ගන්නට පටන්ගෙන.
හැමදාමත් උඹේ හඩ, ප්රේක්ෂක ආදරණීයයන්ගේ හදවතේ සදාකාලිකව ලැගුම්ගනී. නොමැරෙන හඩක් වෙනවාමයි.
#Congratulations මචං.
හදවතේ ගයකයෙක් වෙන්න ලේසියෙන් කෙනෙක්ට බෑ.
උඹ ඒ දේ හරියාකාරවම කරගෙන යනවා..
ඒ උඹේ පිටින් එකයි ඇතුලෙන් එකයි කියල දෙකක් නැති හරියාකාර මනුස්සකම තියන නිසා.
#goal එකට යන්න.
මේ වසරේ Voice Srilanka උඹට වෙන්න ඕනේ.
ආදරෙයි! Amila Gayan Edirisinhe Dr Amila Edirisinghe
මම උඹේ පාසල් කාලයේ යලුවා.
සූර්යා.