lan englan tam

පුවත්

සත්‍ය කතාවක් පාදකව දිවෙන චිත්‍රපටය - හදගැස්ම

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

අකිල සඳකැළුම් තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කළ කුළුඳුල් සිනමා නිර්මාණය "හදගැස්ම" පසුගිය නොවැම්බර් 01 සිට ඊඒපී මණ්ඩලයේ සිනමාශාලා ඇතුළුව දිවයින පුරා සිනමාශාලාවන්හි මේ වන විට තිරගත වෙයි.

දෙමව්පිය දූ දරු සෙනෙහසට පමණක් දෙවැනි වූ සහෝදර ප්‍රේමය පිළිබඳව තරුණ පරපුරට හිතන්නට යමක් ජීවිතයට ළඟා කරවන කාලෝචිත කතා තේමාවකින් සමන්විත වූ මෙහි රංගනයෙන් අර්ජූන කමලනාත්, ශාලිකා එදිරිසිංහ, නයෝමි පීරීස්, නවීන් දිල්ශාන්, හර්ෂිකා රත්නායක, කුමුදිනී අධිකාරි, කුමාර වඳුරැස්ස, පවිත්‍රා වික්‍රමසිංහ, ඉෂාන් මෙන්ඩිස්, ශාලිත ගුණවර්ධන, සෝමවීර ගමගේ ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් එක් වී ඇත.
කැමරා අධ්‍යක්ෂණයෙන් හා ආලෝකකරණයෙන් ජනිත් ගුණසේකර, සංස්කරණ, වර්ණ සංයෝජනය, දෘශ්‍ය ප්‍රයෝග හා දෙබස් පටිගත කිරීමෙන් දනාල් තිරංජන, 7.1 ශබ්ද නිර්මාණයෙන් සහ මිශ්‍රණයෙන් දිලාන් ගුණවර්ධන, සහය අධ්‍යක්ෂණයෙන් නිමේෂ් ලක්මාල්, සටන් අධ්‍යක්ෂණයෙන් සුමුදු අමල්ක, සංගීත අධ්‍යක්ෂණයෙන් සහ ගීත රචනයෙන් ලක්මාල් ෆනැන්ඩු, ගීත ගායනයෙන් නලින් ෆනැන්ඩු, රශිනි හෙට්ටිආරච්චි, තාරක ආචාරිගේ, වාසනා කාවින්දි ෆනැන්ඩු, කලා අධ්‍යක්ෂණයෙන් සුමිත් කුඩලිගම ඇතුළු පිරිසක් එක් වී ඇත.
"හද ගැස්ම" ඉසුරු ෆිල්ම් නිෂ්පාදනයකි.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

kemadasa

shungara

Back to top
Go to bottom