lan englan tam

පුවත්

Baby John (Theater Experience)

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
(spoiler alert-තෙරී එකත් නොබලපු අයට)

වසරේ තවත් එක මෝඩ වැඩක් බලන්නට ගියෙමි..

ඇට්ලී කියන්නෙම කොපිකැට් ගුහාවක්.දැන් අලුත්ම කලාව කොපිකැට් වලත් තව කොපියක් ගැසීම.තෙරි කියන්නෙත් ජේසන් ගේ ෆිල්ම් එකක ඇඩප්ශන් එකක් අරන් විජේගේ ස්ටාඩම් එකයි මසාලායි දාලා ගොඩ දාගත්තු ෆිල්ම් එකක්.ඇත්තට ඒකත් විජේ නැත්තම් ඇති දෙයක් නෑ..ඉතින් ඒකෙම කොපිය අරන් හින්දි වලට කොපි ගහලා ඇට්ලී.කලිනුත් තමන්ගෙම ෆිල්ම් වලයි තව ටැමිල් ෆිල්ම් වල කොපි කීපයක්ම එකට කොත්තු රොටියක් ගහලා ශාරුක්ට දුන්නා.ඒකත් ශාරුක් නිසා ගොඩ ගියා.
ඉතින් ඒ තියරියම මේකට ඇප්ලයි කරලා පොඩ්ඩක් කපටි වෙච්චි ඇට්ලියා මේක ලියලා කතාව 5%ක් විතර වෙනස් කරලා දමිළ ඩිරෙක්ටර් කෙනෙක්වම මේකට ගේනවා තමන් ප්රඩියුස කෙනෙක් වෙලා.මොකද රාජාරානී ඇරුණම මිනිහා ලොකු ස්ටාඩම් නැති නලුවන්ව දාලා ෆිල්ම් එකක් කරලා නෑ.කොටින්ම කිව්වොත් B grade නලුවෙක් ව දාලා නැත්තම් අලුත් නලුවෙක්ව දාලා ෆිල්ම් හිට් කරවන්න පොරට බෑ.ඒම ස්ටොරි මිනිහා ගාව නෑ.ලෝකෙශ් මානගරම් කරා වගේ,කයිති එකෙන් අර්ජුන් දාස්ව ඉස්සුවා වගේ,සූරියා වගේ නලුවෙක්ගේ දැකලා නැති පැත්තක් ඉස්මතු කරා වගේ,කාර්තික් සුබ්බරාජ් රාගවාව දක්ශ නලුවෙක් කියලා පෙන්නුවා වගේ,වෙට්රිමාරන්ලා දනුශ්ව,සූරීව,දිනේශ්ලව කැටයම් කරා වගේ ඔය කරපු ෆිල්ම් 05ට නලුවෙක්ට නිලියෙක්ට කරපු තැරියක් නෑ.
ඉතින් වරුන් කියන්නේ ඒම බොක්ස් ඔෆිස් හිට් එකක් ලොකුවට දෙන්න පුලුවන් නලුවෙක් නෙමේ.එකම රාමුවක කොටු වෙච්චි නලුවෙක්ව සවුත්වල ලොකුම නලුවෙක්ගේ මාස් ෆිල්ම් එකක් රීමෙක් කරන්න දෙද්දි හිතන්න තිබ්බා.
අනික තැන් තැන් වල "මම ඊලග සුපර් ස්ටා වරුන් කරනවා කියලා පණ්ඩිත වදන් දිදී ගියා"
තෙරී කියන ෆිල්ම් එකයි තලපති කියන චරිතයයි අමතක කරලා බැලුවොත් බේබී ජෝන් කියන ෆිල්ම් එක සාමාන්ය හොදමට්ටමේ ෆිල්ම් එකක්.හැබයි ඔය වාසියට කියන අය "අනේ ඉතින් රීමෙක් එක අමතක කරලා බලන්නකො කිව්වට ඒම බලන්න බෑනේ"🙃ඒ සීන්ස් ෆ්රෙම් ටූ ෆ්රේම් රීමෙක් කරලා තියෙද්දි අරක අමතක වෙලා යන්න ඉතින් අපි ගජිනි ටයිප් වෙන්න ඕනේ.
ආ ඒ මදිවට මේක රීමෙක් නෙමේ කියලත් තිබ්බනේ🤣.
මේකේ කීර්තිත් මහ ලොකු දෙයක් කරලා නෑ.සමන්තාගේ අහලකටවත් නෑ.ඉමෝශනිලි ටච් වෙන තැන් වල කිසිම ෆීලින් එකක් නෑ.විජේ+ සමන්තා හොද කෙමස්ට්රියක් තිබ්බා තෙරී ෆිල්ම් එකේ ගොඩක් තැන්වල සහ සින්දු වල.ඒත් මේකේ නම් කීර්ති අවුල්.වරුන් ගේ අම්මත් අවුල් වාමිකාට කරන්න මොකුත් තිබ්බේ නැ ෆිල්ම් එකේ කිසිම ජවයක් නැති bgm ටිකක් තිබ්බේ අවශ්යම තැන්වල.
ඒ මදිවට අන්තිමට කිසිමගැලපීමක් නැති කැමියො එකකින් සල්මාන්ව ගෙන්නලා.දැන්නම් සල්මාන්ව කැමියො වල දැකලම එපා වෙලා.කැමියො කියන එකටත් වැලිව් එකක් නැති කරනවා සල්මාන් නම්.
මේකේ එකම ප්ලස් පොයින්ට් එක ජැකී ශෙරොෆ්.ආයේ හිතුවෙවත් නැති විදියේ පෆෝමන්ස් එකක් දුන්නා.ගොඩක් ෆිල්ම් වල නොදැක්ක පවර්ෆුල් විල්ලන් කෙනෙක් උනා.ඒ ලුක් එක,ඩයලොග්,ඇක්ටින් මරු.තෙරි එක අබිබවා ගිය එකම චරිතය ජැකී විතරයි.
කැමරා ශොට්ස්,vfx ඔය වගේ ප්රඩක්ශන් කොලිටියක්නම් තිබ්බා ඇට්ලිගේ ෆිල්ම් වල හැමදාම තියෙනවා වගේ.ඒකත් මතක් කරන්න ඕනේ.ඒ ඇරුණුකොට මේක වරුන්ව බිල්ලට තියලා ප්රධාන භූමිකා ඔක්කොම දකුණෙන් මේන්ටේන් වෙච්ච වැඩක්.
මේක හිට් උනානම් ඇට්ලියා සුපුරුදු පරිදි පොර ටෝක් ටිකක්දීලා වරුන්ගේ කැරියර් එකම වෙනස් කරේ තමන් වගේ දොඩවයි ඊටපස්සේ කියයි හොලිවුඩ් වල ඩිරෙක්ටර් කෙනෙකුත් කතා කරා කියලා ඇට්ලියා එක්ක වැඩ කරන්න එකපාරකුත් කිව්ව නේ 😁😂
දැන් මේක ඩිසාස්ටර් එකක් වෙන නිසා තමන් තාමත් 0 flop director ලිස්ට් එකේ ඉන්නේ කියලා ඇග බේරන් ශේප් වේයි
පව් අහිංසක වරුන්.
මිනිහා නම් බබෙක් ම තමා.ඒ නිසා ෆිල්ම් එකේ නමත් හරි.👍
ඒ නිසා මේකත් බොලිවුඩ් වල කිසි කමකට නැති රීමෙක් ලිස්ට් එකටම ඇඩ් කරගන්න ඒනම්..
කවුරු කොහොම කොච්චර බැන්නත් සමහර දේවල් තියෙනවා විජේට විතරක්ම කරන්න පුළුවන් එක තමයි ඇත්ත. අනික තමයි ඇට්ලිලා කියන්නේ වියදම් කරන්න බැරි මිනිස්සු නෙවෙයි ඉන්ඩස්ට්රි එකේම ඉන්නවා ඕන තරම් අය ඉන්වෙස්ට් කරන්න ඇට්ලිලා වෙනුවෙන් හැබැයි හැදුවොත් තඩි කොපි ලෝකේශ් ගේ ෆිල්ම්ස් වල කැලි පවා උස්සල දාල තිබ්බා ලැජ්ජයි ඉතින්. අන්න එහෙම එකක් ලෝකේශ්ට වගේ තිබ්බා නම් බලාගන්න තිබ්බා එන ෆිල්ම්ස් ඉතින් වරුන් කියන්නේ මන් ආසම නළුවෙක් දුකක් ආවේ මොකක්ද කරල තියෙන්නේ කියලා හිතල
 
සුශ්මි මිහාරා ප්‍රේමචන්ද්‍ර - සිනමාවේදීන්
Back to top
Go to bottom

Popular News