lan englan tam

පුවත්

ටෙලි සසර හැඩ කළ ටෙලි වසර; දෙදහස් විසි-හතර!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
 
2024 ට කලින් ලකා ගේ කූඹියෝ, රොෂාන් රවීන්ද්ර ගේ තණමල්විල කොල්ලෙක්, නාමල් ජයසිංහ ගේ සහෝදරයා, ප්රසන්න ජයකොඩිගේ එයා දැන් බැඳලා, ජගත් මනුවර්ණ ගේ කොඩි ගහ යට වගේ විශිෂ්ට ටෙලි නිර්මාණ බිහිවුණේ අවුරුද්දකට එකක් දෙකක් වගේ. සමහර අවුරුදුවල ප්රේක්ෂකයන්ට කැඳත් නෑ ඇපත් නෑ.

ඒත් 2024 දි තරගකාරී විශිෂ්ට ටෙලිඩ්රාමා ගණනාවක් ආවා. ඒ අතර හයිලයිට් වෙලා පෙනුන විශිෂ්ට නිර්මාණ සහ සුවිශේෂී දක්ෂතා කිහිපයක් ගැන කරන සමාලෝචනයක් තමයි මේ.

ඔබේ දෘෂ්ටිකෝණයට අනුව මගේ මේ නිර්දේශවලට ඔබ එකඟ නොවෙන්නත් පුළුවන්. මේ ඉතිං මගේ අදහස.
මගේ නිරීක්ෂණයට අනුව ටෙලිවිෂන් කලාව නිර්මාණාත්මක සහ ජනාකර්ෂණීය කරපු 2024 වසරේ හොඳම ටෙලිඩ්රාමා 6 තමයි මේ;
✅ Take Care - අනුෂ්ක රසාංජන (ITN)
✅ තත්පරයක් දෙන්න - සුපුන් රත්නායක (ITN)
✅ වියළි - චන්දන ඉරුගල්බණ්ඩාර (ජාතික රූපවාහිනී)
✅ බැක්සයිඩ් - ජෝ දිසානායක (ITN)
✅ සුසුම් රස්තියාදුව - ප්රියන්ත ප්රනාන්දු (ස්වර්ණවාහිනී)
✅ මී මැස්සා - ඩිල්ශාන් පතිරත්න (සිරස)
2024 කියන්නෙ අතිශය තරගකාරී රංගන හැකියාවන් රොත්තක් එක මිටකට කැටි වුන වසරක්. ඒ අතරින් හොඳම නළු නිළි තරගයේ ඉදිරියෙන්ම හිටපු 6 තමයි මේ;
✅ චාන්දනී සෙනෙවිරත්න (සුසුම් රස්තියාදුව - අයිරා)
✅ රෙබෙකා දිල්රුක්ෂි (Take Care - අසේනි)
✅ නිල්මිණී තෙන්නකෝන් (සිකුරු ඇවිත් - මව)
✅ දිනක්ෂි ප්රියසාද් (Take Care - මේනකා)
✅ තරින්දි ප්රනාන්දු (තත්පරයක් දෙන්න - පූජනී)
✅ උමාලි තිලකරත්න (අපි - සහන්යා)
✅ ප්රියන්ත සිරි කුමාර (බැක්සයිඩ් - නාරද)
✅ චරිත් අබේසිංහ (මී මැස්සා - භූපති)
✅ සරත් කොතලාවල (වියළි - පියා)
✅ විශ්වජිත් ගුණසේකර (සුසුම් රස්තියාදුව - භාතිය)
✅ අනුරාධ මල්ලවාරච්චි (සිත නිදි නෑ - සාගර)
✅ අකලංක ප්රභාෂ්වර (වියළි - කලූ)
2024 ට අදාළ සාර්ථක ටෙලි තිර රචනාවලට මගේ නිර්දේශ 4 ක් තියනවා.
✅ අනුෂ්ක රසාංජන ද සිල්වා - Take Care
✅ රසික සුරවීර - තත්පරයක් දෙන්න
✅ ලක්ෂාන් වත්තුහේවා - බැක්සයිඩ්
✅ අරුණ ප්රේමරත්න - සුසුම් රස්තියාදුව
මේ 4 අතරින් "script doctoring සහ crafting" හොඳටම තිබුන, "නාට්යෝචිත ස්වභාවිකත්වය"ට ගොඩක් ළඟ සහ මානව භාව විනිවිද දැකලා රචනා කරපු ඉතා පැහැදිලි ජයග්රාහී තිර රචනයක් තියනවා. ඒ මොකද්ද කියලා මම දැනට නොකියා ඉන්නම්.
2024 දි තමන්ගේ හැකියාවන් පෙන්නපු විශාල සහය නළු නිළි පිරිස අතර උඩින්ම හිටියෙ නයනා හෙට්ටිආරච්චි සහ මධුශාන් හත්ලහවත්ත.
2024 වර්ෂයේ ටෙලිනාට්යවල දක්ෂතා පෙන්නපු තාක්ෂණික නිර්මාණ ශිල්පීන් අතරින් අමතක කරන්න බැරි දස්කමක් පෙන්නපු කෙනෙක් තමයි මී මැස්සා ටෙලිනාට්යයේ කැමරා අධ්යක්ෂණක ඇඩම්ස්.
ඇඩම්ස් අමුතු කෝණවලින් රූපරාමු මවලා ඉතා සමබර ආලෝකයකින් රූප රාමු ලස්සන කරලා සාධාරණ සැකයෙන් ඔබ්බට තමන්ගේ කැමරා අධ්යක්ෂණ හැකියාව පෙන්නුවා. ඊට අමතරව වියළි ටෙලිඩ්රාමා එකේ චන්දන ජයසිංහගේ කැමරා අධ්යක්ෂණයත් ඉතා විශිෂ්ටයි.
අති දුෂ්කර ගැමි පරිසරයක ස්වභාවික තත්වයන් 'කලාත්මකව' සහ 'තාත්විකව' ප්රතිනිර්මාණය කරන එක ලේසි නෑ. ඒත්, 'වියළි' ටෙලිනාට්යයේ පසුතල ඇතුළු කලා අධ්යක්ෂණය කරපු මංජුල අයගම ප්රායෝගික අභියෝග මැද, ඉතා විශිෂ්ට විදිහට ඒ කලා අධ්යක්ෂණය කරලා තිබ්බා.
නැගී එන නවක / තරුණ නළු නිළියන් අතර සුපිරි බුලට් ලෝඩ් එකක් 2024 වසරෙ හිටියා. මේ ඉන්නෙ ඒ අතර ඉදිරියෙන්ම හිටපු අය.
ධනුෂි දිසානායක, තීක්ෂණ ශ්රී, ජෙනට් ඇන්තනී, සමන්ත පරණලියනගේ, දිදුල ඉඳුවර, සුජානි මධුවන්ති, Shelon W Munasinghe, ඉමා වීරසූරිය, දසුනි නවෝද්යා, දුලංජ ඩිල්ෂාන්, වීනු පෙරේරා.
අත්දැකීම් සහිත තරුණ නළු නිළියන් අතරින් කසුනි කාවින්දි, රන්දික ගුණතිලක, උමා අසේනි සහ තිලාන් වර්ණජිත් 2024 දි විශිෂ්ටව චරිත නිරූපණය කළා.
ටෙලිනාට්ය ගීත ගැන බැලුවොත් සුපුන් රත්නායක ලියපු ලලයි ලිලයි තේමා ගීතයේ වචන බුද්ධිමත් යැයි සම්මත කුලකයෙන් විනිශ්චය නොවුනත්, පොදුජන රසවින්දනය පැත්තෙන් ලියපු අමුතුම ලල් එකක් තියන සුපිරිම ගැලරි පද මාලවක්.
තත්පරයක් දෙන්න ඩ්රාමා එකට සුපුන් රත්නායක ලියපු තේමා ගීතයේ වචන නම්; "මේකට මට සම්මානයක් දියං!" කියලා හිතාගෙන බැල්කනිය ටාගට් කරලම ලියපු පට්ට බර ගින්දර වචන පෙළක්.
මට අනුව 2024 දි විශිෂ්ටව ගීත ගායනා කරපු අය තමයි මේ...
✅ ෆැලන් ඇන්ඩ්රියා - තත්පරයක් දෙන්න
✅ කාංචනා අනුරාධා - See you - ආලේ මනාලයි
✅ නන්දා මාලනී - Take Care - සපත්නීරෝෂයක්
✅ අභිශේකා විමලවීර - Take Care - සපත්නීරෝෂයක්
ටෙලිඩ්රාමා එකක් මිනිස්සු අතරට ගෙනියන්න නම් ඒ ටෙලිඩ්රාමා එකේ නාමකරණය, නමේ මාස්ට හෙඩ් එක (Name logo unit), පූර්ව ප්රචාරකපට සහ ප්රචාරණ ක්රියාවලිය කියන අංශ 4 අතිශය තීරණාත්මකයි.
මම මේ කියපු අංශ 4 අපේ සම්මාන උළෙලවල්වල සම්මාන අංශ වුන දාට අපේ ටෙලිනාට්ය ක්ෂේත්රය ලොකු පිම්මක් පනිනව කියලා ගණන් හදලා පෙන්නන්න පුළුවන්. දැනට නම් මම මේ කියපු අංශ 4 ගොඩක් දුර්වලයි.
ඒත් ටෙලි නාට්ය නාමකරණය අතින් 'සුසුම් රස්තියාදුව' සහ 'බැක්සයිඩ්' කියන නම් ඉතා අනන්යයි සහ විශිෂ්ටයි. ප්රචාරාත්මක මනසකින් බැලුවොත් 'බැක්සයිඩ්' කියන නම උපක්රමයශීලී හොඳ නාමකරණයක්.
මම job එක කරන්නෙ marketing, advertising & creative industry එකේ නිසා ටෙලිවිෂන් ගැන මම හිතන විදිහ ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තවත් කෙනෙක්ට අනුව 'බැක්සයිඩ්' කියන නම හැමෝම බලන TV එකේ යන ටෙලිඩ්රාමා එකකට කිසිසේත්ම නොගැලපෙන නමක් වෙන්න පුළුවන්.
2024 දි ටෙලිනාට්ය ක්ෂේත්රය ගොඩ දාන්න සාධනීයව දායක වුන නම් කිහිපයක් තියනවා. ටෙලිනාට්ය කර්මාන්තයට සහ ITN නාමය වෙනුවෙන් සුවිශේෂී මූලෝපායික මෙහෙයක් කරපු ITN හිටපු සභාපති සුදර්ශන ගුණවර්ධන ඒ අතර විශේෂයි.
ඒ වගේම; ටෙලිනාට්ය ක්ෂේත්රයට එන්න තියන අවිධිමත් ක්රම වෙනුවට, සැබෑ දක්ෂයින්ට විධිමත් ක්රමවලින් ක්ෂේත්රයට එන්න පුළුවන් පසුබිමක් හදපු සද්ධාමංගල සූරියබණ්ඩාර ඇතුළු IMPAS ඇකඩමි එක 2024 දි ටෙලිනාට්ය ක්ෂේත්රය වෙනුවෙන් ලොකු දෙයක් කළා.
ටෙලිනාට්ය ක්ෂේත්රයේ ගුණාත්මක බව තරගකාරීව ඉස්සරහට අරගෙන, සම්මානනීය අභිමානයකින් ටෙලිනාට්ය ක්ෂේත්රයට දිරි දුන්න Sumathi සහ //web.facebook.com/@RaigamTelees/?__cft__[0ටෙලි සම්මාන උළෙලවල් 2024 වර්ෂයේ ටෙලි කලාවේ උන්නතිය වෙනුවෙන් දැවැන්ත ඉමෝෂනල් රාජකාරියක් කළා. Respect !!
2024 දි සමස්තයක් විදිහට අති සාර්ථක ටෙලි නිර්මාණ බිහිවුණත්, ඉතා අසාර්ථක නිර්මාණත් බිහි වුනා. සමස්තයක් විදිහට සාර්ථකයි කියලා මම කලින් කියපු නිර්මාණ ඇතුළෙත් යම් යම් අසාර්ථක අංශ තිබුනා.
අති සාර්ථක දිර්ග ටෙලිනාට්යයක් වුන ජානු, 2024 දි ජාමෙ විනාශ කරගත්තා. බොහෝ නාලිකාවල අලුත් ටෙලිඩ්රාමා ගොඩක් ගැම්මෙන් පටන්ගත්තත්, මැදදි අංග විකල වුනා.
2024 දි ආපු සමහර විශිෂ්ට ටෙලිඩ්රාමාවල පවා 'ශබ්ද පරිපාලනය, සංගීත නිර්මාණය සහ වර්ණ සංයෝජනය' කියන තාක්ෂණික අංශ දුර්වලයි. මම මේ ගොඩක් උනන්දුවෙන් බලාගෙන ඉන්නෙ 2024 ට අදාළව මේ අංශවලින් සම්මාන ගන්න ටෙලිනාට්ය මොනාද කියලා.
ඉන්දික ජයවර්ධන සංස්කරණය කරපු වියළි ටෙලිඩ්රාමා එකේ සංස්කරණය ඉතා හොඳ මට්ටමක තිබුනත්, තත්පරයක් දෙන්න, සුසුම් රස්තියාදුව කියන සාර්ථක ටෙලිඩ්රාමා දෙකේ, නළු නිළියන්ට හානියක් වෙන තරමේ සංස්කරණ දෝෂ තිබුනා. හොඳම ටෙලිඩ්රාමාවල සංස්කරණ ප්රමිතිය මෙහෙම නම් අනිත් ටෙලිඩ්රාමා ගැන හිතාගන්නකො.
අංග රචනය ගැන කියනවනම්... ලිංගිකව එකතු වුනාට පස්සෙ කෙල්ලගෙ මූණ කොයි වගේද කියලවත් දන්නෙ නැති අංගරචනා ශිල්පීන් 2024 දි ටෙලිඩ්රාමාවල වැඩ කරලා තිබුනා.
ඉතිං මේ දුර්වල අංශ ගැන වැඩි අවධානයක් යොමු කරලා අපි හැමෝම එකතු වෙලා වැරදි හදාගෙන මේ ගේම් එක ගහලා ටෙලිඩ්රාමා කර්මාන්තය ලස්සන කරමු. මේක ගහන්නම ඕන ගේම් එකක් !!!
 

ලක්මිණ රණසිංහ ©️

Back to top
Go to bottom

Popular News