ශ්‍රී ලංකාව තුළ බෙහෙවින් කතාබහට ලක් වූ ආදර කතාවක් මෙන්ම ඇතැම් කෘති සහ කලා නිර්මාණ සඳහා පාදක වූ ඓතිහාසික ප්‍රේම වෘත්තාන්තය තෝමස් මේට්ලන්ඩ් සහ ලොවීනා හෙවත් ලැවීනියා ආදර කතාවට පසුගියදා වසර 220ක් සපිරිණි.
රූපවාහිනී නාලිකාවක් ලෙස සිරස ප්රවෘත්ති අංශය මීට බොහෝ කලකට පෙර ඒ පිළිබඳව කළ ගවේෂණයක් ඒ වෙනුවෙන් පළ කර තිබිණි.
ජනප්‍රිය සාහිත්‍ය රචනාකරුවකු වන මොහාන් රාජ් මඩවලගේ 'ලොවීනා' කෘතිය තුළද මෙම ආදර කතාව ආශ්රිත ඓතිහාසික කරුණු සඳහන්ව ඇති අතර එයද මහත් ජනාදරයට පත් වූ කෘතියකි. 'ලොවීනා' කියැවීමට හැකි වන අයකුටද මෙම ප්‍රේම වෘත්තාන්තයේ ඛේදය, ආදරය මෙන්ම සමාජ විකාශනය පවා වටහාගත හැකිය.
එයට අනුව කුලවත් පවුලක උපන් පුන්නා නම් තරුණිය නරේන්ද්‍රසිහ රජුගේ අන්තඃපුර බිසවක බවට පත්වීමත් ඒ අතර දස්කොන් අදිකාරම් සමග අනියම් සම්බන්ධයක් ඇති කරගනිමින් ගැබිනියක වීමත් හේතුවෙන් රාජ උදහසට ලක්ව දස්කොන් මරා දැමේ. පසුව ඇය උඩුගල්පිටිය රොඩී කුප්පායමට පිටුවහල් කෙරෙන්නේ රැහේ මහලු රොඩී සාමාජිකයකුට පාවා දීමෙනි. පුන්නාගේ මිණිබිරියක වන පිංචි නම් තරුණිය පෘතුගීසි සෙබළකු හා සම්බන්ධ වීමෙන් ලොවීනා උපත ලබන අතර උඩුගල්පිටිය කුලීන කුප්පායමෙන් ඇගේ පවුල පළා ගොස් ඔවුන් නතර වන්නේ ගල්කිස්ස මුහුද අසබඩ පළාතකය. ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද හිමිකම ලබා දෙන තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා සමග ලොවීනා ආදරයෙන් බැඳෙන අතර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නොපිළිගන්නා බැඳීමක ප්‍රතිඵලයක් හැටියට මෙම ආදර කතාවට බාධා ඇති වේ. එය අවසන් වන්නේ වියෝගයේ ඛේදාන්විත අත්දැකීම් සමග වන අතර වර්තමාන ගල්කිස්ස මහ හෝටලය එවකට මේට්ලන්ඩ් ආණ්ඩුකාර නිවස බවට 'මවුන්ට් ලැවීනියා' යැයි නම් තබන්නේය. එම නාමයට ලොවීනා සහ ආණ්ඩුකාරවරයාගේ ආදර කතාව සම්බන්ධව ඇති බවට පැහැදිලිව අනාවරණ කරගත් කරුණු තිබෙන බව පවසයි.