lan englan tam

පුවත්

සිනමා පුනරුදයක් වෙනුවෙන් තරංගනිය හැඩ වෙයි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකේය සිනමාවට වසර 78ක් සහ ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා වසර 53ක් සපිරීම හේතුවෙන් ඒ සඳහා සැමරුම් වැඩසටහන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සූදානම් කරනු ලැබ ඇති බව අපි මීට පෙර ඔබ වෙත දැනුම් දුන්නෙමු.

ඉහත සැමරුම් දින වෙනුවෙන් මේ වන විට ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රමුඛ සංස්ථාවේ තරංගනී සිනමා ශාලාව ප්‍රතිසංස්කරණය වෙමින් පවතී.
ඒ අනුව චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාශාලාව නව පහසුකම් සහිතව නවීකරණය ලළ තරංගනීහි එළඹෙන ජනවාරි 14 වැනිදා සිට දෛනික සිනමා දැක්මක් සඳහා කටයුතු සූදානම් කර තිබේ.
කලාකරුවන් ඇතැමෙකුගේද සහාය සහිතව සිදු වන මෙම නවීකරණය කිරීම් නව සිනමා පුනරුදයක් ඇති කිරීමට සහාය වනු ඇතැයි අපේක්ෂා කරයි.
ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාව සිනමා ප්‍රේක්ෂකයින් සඳහා විවෘත වීමට නියමිතය.

Back to top
Go to bottom