මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මවගේ චරිතය වන මනෝරාණි සරවනමුත්තු කතාව පදනම් කරගනිමින් නිර්මාණය කෙරුණ 'රාණි' චිත්‍රපටයේ ප්‍රධාන පෝස්ටරය, තේමා ගීතය පූර්ව ප්‍රචාරක පටය පසුගිය කාලයේ එළිදැක්වුණ අතර එය නැරඹීමට බලාපොරොත්තු වන සිනමා ප්‍රේක්ෂකයන් අතරේ උමතු රැල්ලක් නිර්මාණය වී ඇති බවක් දක්නට ලැබේ.
ඒ 'රාණි' චිත්‍රපටයේ රසිකයින් නිමැවූ පෝස්ටර් (Fan made posters) උමතුවයි. මෙතෙක් බොහෝ නිර්මාණවලට නොලැබූ ප්‍රතිචාරයක් මෙම Fan made posters රැල්ලෙන් 'රාණි' වෙත හිමි වෙමින් තිබේ.
ස්වර්ණා මල්ලවාරච්චි චරිතාංග, ප්‍රවීණ රංගන ශිල්පිනිය ප්‍රධාන චරිත රඟපාන 'රාණි' චිත්‍රපටය ජනවාරි 23 වැනිදා තිරගත වීමට තිබුණද මේ වන විට එය ජනවාරි 30 වැනිදා දක්වා තිරගත වීම කල් ගොස් තිබේ.
'ලයිකා' ශ්‍රී ලංකා විසින් නිෂ්පාදනය කරනු ලැබූ 'රාණි' සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂ අශෝක හඳගමගේ සිනමා නිර්මාණයකි. බොහෝ දෙනා නැරඹීමේ උත්කර්ෂයෙන් පසු වන චිත්‍රපටය දකින තුරු Fan made posters රැල්ල තුළ 'රාණි' තවත් ජනප්‍රිය වී තිබේවි.
Sanjaya Epa Senevirathne

Anjana Shashimal

Sandaru Rashmika Paranavithana





