lan englan tam

පුවත්

සායිෆ්ගේ දිවි ගැලවී ඇත්තේ මිමී 02කින්; කාර්ය මණ්ඩලය ගැන අවධානය

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

සායිෆ් අලී ඛාන්ට වූ පිහි ප්‍රහාරය හේතුවෙන් සිදු වූ තුවාල අනුව ඔහුගේ පිට කොන්දට එල්ල වු පිහි ප්‍රහාරයක් තවත් මිමී 02ක් කිඳා බැස තිබුණේ නම් ඔහුගේ දිවි අහිමි වීමට තිබූ බව මුම්බායිහි ලීලාවතී රෝහලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියා පවසා තිබේ.

රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධානියාගේ ප්‍රකාශයකින් පෙන්වා දෙන්නේ නළුවා චිත්‍රපටයක නොව සැබෑ ජීවිතයේ වීරයකු වන බවත් ඔහු රෝහලට ඇතුළු කරවන විට ඔහුගේ දෙවැනි පුතු වසර හතරක් පමණ වන ජෙහන්ගීර්ද සුරැකිව රෝහලට ආ බවයි.

තවමත් සායිෆ් රෝහල්ගත කර ඇති අතර ඔහුගේ ශල්‍යකර්මය කළ වෛද්‍යවරයා විසින් කරන ලද බව පවසන (සායිෆ්ගේ නම පවසමින් කරන) ප්‍රකාශයකට අනුව වෛද්‍යවරයා පවසන්නේ සායිෆ්ගේ ඇනී තිබූ පිහිය ඉවත් කිරීමටද සිදු වූ බවයි.
කෙසේනමුත්, ඉන්දීය මාධ්‍ය සායිෆ් රෝහලට ඇතුළු කළේ ඔහුගේ වැඩිමහල් පුතු ඊබ්‍රහීම් බවටද තොරතුරු වාර්තා කර තිබිණි.
මෙම පිහි ප්‍රහාරය සැකසහිත එකක් වන්නේ මුම්බාය වැනි ආරක්ෂිත පෙදෙසක, අධි සුඛෝපභෝගී, ඉහළ ආරක්ෂාවක් ඇති නිවසකට නාඳුනන පුද්ගලයකු පැමිණීමක් කළ නොහැකි වීම හේතුවෙනි.
ඒ අනුව සායිෆ්ගේ සහ ඔහුගේ පවුලේ දින චර්යාව (බිරිඳ කරීනා කපූර් නිවසේ සිට නොමැත) දන්නා අයකු හෝ එවන් අයකුගේ සහායෙන් ඇතුළු වූ අයකු මෙම අපරාධය සිදු කරන්නට ඇති බවට සැක පළ කර තිබේ. සායිෆ්ගේ නිවසේ කාර්ය මණ්ඩලය පිළිබඳවද මේ අනුව අවධානය යොමු කර ඇත.
ඇතැම් විට සායිෆ්ගේ කොන්දට සිදු වූ හානි හේතුවෙන් නළුවා අංශභාගයට පවා පත් වීමට තිබූ බව පැවසේ.

Back to top
Go to bottom