lan englan tam

පුවත්

දරුවෝ ඇති (නැති) අම්මාලා සහ රාණි

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

'දරුවෝ ඇති අම්මාලා....' යන නීලා වික්‍රමසිංහයන් විසින් ගායනා කරනු ලබන ගීතය එසේ ආරම්භ කෙරුණද එහි පවසන්නේ සැබවින්ම දරුවන් ඇති අම්මාවරුන් පිළිබඳව නොවේ. 'දරුවෝ නැති අම්මලා' ගැනය.

දරුවන් ඇතිවද නැතිවද ගැහැනියකට මවක විය හැක්කේ දරුවන් ගැන උපදින සංවේගයෙනි, ස්නේහයෙනි. දාරක ස්නේහය යන්න දරුවකු භෞතිකව ලැබීමෙන්ද, නොලැබීමෙන්ද, ලැබූ දරුවන් අහිමි වීමෙන් හෝ තවත් දරුවන් ලැබීමෙන්ද නැති නොවන බව පෙන්වන සත්‍ය කතාවක් රැගත් එවන් සිනමාපටයක් ලෙස 'රාණි' එළඹෙන ජනවාරි 30 වැනිදා සිනමාශාලා තිරගතවීම් ඇරඹීමට නියමිතය.
'රාණි' අශෝක හඳගම අධ්‍යක්ෂණයෙන් ස්වර්ණා මල්ලවාරච්චිගේ වසර 27ක 'මනෝරාණි සරවනමුත්තු' චරිත කතාව සිනමා ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමේ සිහිනය සැබෑ වීමෙන් සහ ලයිකා ප්‍රඩක්ෂන් නිශ්පාදන දායකත්වයෙන්ද එළිදැකීමට නියමිත රාණි එළිදකින තුරු ප්‍රේක්ෂකයාද කැමැත්තෙන් ඔද වැඩී සිටී.
80 දශකයේදී ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී රිචඩ් ද සොයිසාගේ මව වන මනෝරාණි සරවනමුත්තු නම් වූ දාරක ප්‍රේමයෙන් ඔද වැඩුණු මෙන්ම දරුවන් අහිමි වූ, පුතුන් අතුරුදහන් වූ මවුන් වෙනුවෙන් නිර්භීතව ක්‍රියා කළ චරිත කතාව මෙන්ම ඒ ඔස්සේ 80 දශකයේ දේශපාලන පසුබිමත් එවකට ප්‍රකට, කුප්‍රකට දේශපාලන චරිත පිළිබඳවත් කතාබහට ලක් වේ. 

Back to top
Go to bottom