සංදේශ් බණ්ඩාර විසින් අධ්යක්ෂණය වන පළමු සිනමා නිර්මාණය 'අමිගෝ' සිනමාපටයේ මුහුරත් උළෙල පසුගියදා පැවැත්වුණේ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ ඇමතිනී සරෝජා පෝල්රාජ්ගේ ප්රධානත්වයෙනි.
රොෂාන් පිලපිටිය, කිෂු ගෝමස්, තත්සරණී පියුමිකා, අශාන් ධනංජය, දේවින්ද වික්රමසිංහ, අශාන් සිරිවර්ධන, රොහාන් විජේතුංග, සාරද චමින්ද, දිල්හාරා ජයසිංහ ඇතුළු නළු නිළියෝ රැසක් රංගනයෙන් එක්වෙන චිත්රපටයේ සංගීත අධ්යක්ෂණය හති තියාර්, කලා අධ්යක්ෂණය අශාන් දිනුක, අංග රචනය ගාමිණී කොස්වත්ත, සංස්කරණය මදුවන්ත ජයකෝන්, ශබ්ද සංකලනය යසිත වික්රමරත්න, නිෂ්පාදන කළමනාකරණයේ චමිල සම්පත්, නිශ්චල ඡායාරූප පඳු චමෝද්ගෙන් වේ.
ජාතික චිත්රපට සංස්ථාවේ ජෝ අබේවික්රම ශාලාවේදී පැවැත්වුණ මුහුරත් උළෙලේදී 'අමිගෝ' යනු සමාජයට යහපත් පණිවිඩයක් දිය හැකි සිනමාපටයක් ලෙස නිර්මාණය වන්නක් බවත් මිනිසාගේ ඇස පුළුල් වී හදවත පටු වී ඇති අවධියක මිනිසුන්ගේ හදවත පුළුල් වන නිර්මාණයක් උදෙසා දායකත්වය ලබා දෙන අමිගෝ අධ්යක්ෂවරයා ඇතුළු කණ්ඩායමට සුබ පතන බවත් කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ ඇමතිනිය ප්රකාශ කළාය.