තරංගනි සිනමා ශාලාව නැවතත් ප්රේක්ෂකයින්ගෙන් පිරෙනවා දැකීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටක්...
ඊටත් වඩා ඒ ප්රේක්ෂකාගාරයේ චිත්රපටි කලාවට හා කර්මාන්තයට සම්බන්ධ අධ්යක්ෂකවරුන්ගෙන් සහ විවිධ තාක්ෂණික ශිල්පීන්ගෙන් පිරුණ ප්රේක්ෂකාගාරයක් වීම ඊටත් වඩා සතුට දනවන කාරණාවක්.
අපට නිතර දකින්න හමු නොවෙන චීන සිනමාව ගැන භූපති කළ කතා අහන්න හුන් අසුනෙන් නැගිටින්නේ නැතුව හිටපු ඒ අපූරු ප්රේක්ෂකාගාරය හෙට දවසට විශාල බලාපොරොත්තුවක් ඉතුරු කරා..
මීට පෙර සිනමා අවකාශයකදී මුණ නොගැසුණු,අපූරු තරුණයින්ගේ මුහුණු රැසක් ඊයෙ මමද කළුවර ශාලාවේදී දැක්කා.
අද ඊට වඩා ලස්සන දවසක් වෙයි.
හරියටම හතර හමාරට පටන් ගන්නවා..ඊට විනාඩි දහයකට පස්සේ දොරවල් වහනවා කියලා තීරණය කරා... ඒ විනයත් චිත්රපට සංස්කෘතිය එම කොටසක්...ආදරෙයි.🎬🥰👍🙏
සුදත් මහදිවුල්වැව - ජාතික චිත්රපට සංස්ථා සභාපති තැබූ ෆේස්බුක් සටහනකි