ප්‍රවීණ නිර්මාණවේදී, චිත්‍රපට හා ටෙලිනාට්‍ය රංගන ශිල්පි ප්‍රදීප් ධර්මදාස විසින් අධ්‍යක්ෂණය කරනු ලද ප්‍රථම සිනමා වෘත්තාන්තය 'අයිස්ක්ර්රීම්' චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය සහ ගීත එළිදැක්වීම පසුගිය දිනක සිදු කෙරුණ අතර ඒ අනුව චිත්‍රපටය ගැන මේ වන විට ප්‍රේක්ෂක අවධානය යොමු වෙමින් තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ සිය රංගන කුසලතාවෙන් ප්‍රේක්ෂකයින් දිනාගත් කලණ ගුණසේකර චිත්‍රපටයේ තිර රචනය කරමින් 'අයිස්ක්‍රීම්' සඳහා සම්බන්ධ වීමය.
බොහෝ විට කාල්පනික ලෝකය සහ යථාර්ථය අතර ඇති පරතරය පිළිබඳව සිය කතාබහ තුළදීද වැඩියෙන් කතාබහ කරන කලණගේ මෙම තිර රචනා දායකත්වය කෙබඳුද යන්න බැලීමට ඔහුගේ රසිකයෝ මේ වන විට සැදී පැහැදී සිටිති.
රැකියා විරහිත පැල්පත්වාසී, සෙල්ලක්කාර තරුණයකුගේ ජීවන චර්යාද සහ සිය මානෝ චිත්රණයන්ද 'අයිස්ක්‍රීම්'හි කතාබහට ලක් වේ.
හේමාල් රණසිංහ ප්‍රධාන චරිතයෙන්ද බිමල් ජයකොඩි, රොෂාන් රණවන, අයිශාරා අතුකෝරාල, සරත් කොතලාවල, ජයලත් මනෝරත්න, දමිතා අබේරත්න, රුක්මල් නිරෝෂ්, වීණා ජයකොඩි, මධුශාන් නානායක්කාර, චින්තක වාස්, ආනන්ද කුමාර උන්නැහේ, කෝරළගේ සමන්, අංජන, දයා තෙන්නකෝන්, ප්‍රේමරත්න, චමිලා පීරීස් යනාදීහු මෙහි සෙසු චරිතවලින්ද ප්‍රේක්ෂකයින් හමුවට පැමිණීමට නියමිතය.
'අයිස්ක්‍රීම්' මීට වසර 06කට වැඩි කලක සිට අද්යක්ෂවරයා ප්‍රේක්ෂකයින් වෙත ගෙන ඒමට සැලසුම් කළ චිත්‍රපටයකි.