මහරාජා එන්ටර්ටෙයින්මන්ට් මේරට සිනමාවට හඳුන්වා දෙන ධර්මයුද්ධය චිත්රපටය ප්රදර්ශනය සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් කර තිබේ. වර්තමානයේ මෙරට ජන ජීවිතයට ඉතාම සමීප තේමාවක් පදනම් කර ගනිමින් මෙය නිර්මාණය වී ඇති අතර දියණියන් දෙදෙනෙකු සිටින පවුලක් විසින් මුහුණ දෙනු ලබන අනපේක්ෂිත සිදුවිම් මාලාවක් ධර්මයුද්ධය චිත්රපටයෙන් පිළිබිඹු වේ. ජැක්සන් ඇන්තනී, දිල්හානි ඒකනායක, කුමාර තිරිමාඳුර, කුසුම් රේණු, ඩග්ලස් රණසිංහ, තිසරි යුවණිකා ඇතුළු ප්රවීණ හා ජනප්රිය රංගන ශිල්ප ශිල්පිනියන් මෙම සිනමා නිර්මාණය සඳහා රංගන දායකත්වය සැපයීම විශේෂත්වයකි.