ඉන්දියාවේ බිහිවූ විශිෂ්ට ගීත රචකයකු - ගායකයකු සංගීඥයකු සහ චිත්‍රපට අධ්යක්ෂවරයකු වූ ආචාර්ය බුපෙන් හසරිකා සමරමින් ඔහු උපන් ඇසෑම් ප්‍රාන්තයේදී ඇසෑම් සාහිත්‍ය සභාවෙන් පිරි නැමෙන ආචාර්ය බුපෙන් හසරිකා අන්තර්ජාතික සහයෝගිතා සම්මානය මෙවර ශ්‍රී ලාංකේය සිනමාවේදී ප්‍රසන්න විතානගේට පිරි නැමිණි.
ඉකුත් අප්‍රේල් 10දා ඇසෑම් ප්‍රාන්තයේ රධීන්ද්ර බවන් ශාලාවේදී මෙම සම්මානය පිරිනමන ලදී.
දෙවසරකට වරක් පිරිනමනු ලබන මෙම සම්මානය 2013 දී බංගලදේශයේ නර්තන ක්ෂේත්‍රෙයේ පර්යේෂිකාවක සහ නර්තන ශිලිපිනියක වන ලුබිනා මෙරියම්ට පිරිනැමුනු අතර 2015දී එම සම්මානය කේරළ සිනමාවේදී අදූර්ගෝපාල් ක්රිෂ්ණන්ට හිමිවිය.
බහුවිධත්වය රටක ශක්තියක් ලෙස අදහමින් තම ජීවිත කාලය තුළ ඒ සඳහා කැපවුනු කලාකරුවකු වෙනුවෙන් පිරි නැමෙන මෙම සම්මානය අත දැරීම තමන්ට දිරි දීමක් මෙන්ම විශාල වගකීමක් පැවරීමක් බවද සම්මානය ලබා ගනිමින් ප්‍රසන්න විතානගේ පැවැසීය.