lan englan tam

පුවත්

ලාංකීය වාණිජ සිනමාවේ Blockbuster අධ්‍යක්ෂකවරයෙකුගෙන් තවත් අලුත්ම චිත්‍රපටයක්!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ප්‍රියන්ත කොළඹගේ මෙරට වාණිජ සිනමාවේ මුල් පෙළේ අධ්‍යක්ෂකවරයෙක් වගේම, ලාංකීය සිනමාවට ජනප්‍රිය චිත්‍රපට රැසක් එකතු කළ ප්‍රවීණ නිර්මාණකරුවෙක් විදිහට හඳුන්වන්න පුළුවන්.

ඔහුගේ අධ්‍යක්ෂණය කළ ‘ආදරණීය කතාවක්’, ‘දේදුනු ආකාසේ’, ‘මන්දාරා’ වැනි චිත්‍රපට මෙරට අතිශය ජනප්‍රියත්වයට පත්වුනේ ලාංකීය සිනමාවේ බොක්ස් ඔෆිස් වාර්තා අලුත් කරමිනුයි.

චිත්‍රපට විතරක් නෙමෙයි, ප්‍රියන්ත කොළඹගේ නිර්මාණය කළ “සකූගේ කතාව” ටෙලි නාට්‍යයත් මෙතෙක් රූපවාහිනියේ විකාශනය වූ ජනකාන්තම ටෙලි නාට්‍යවලින් එකක්.

මෙවැනි Blockbuster නිර්මාණ රැසක් ගෙනා ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණයෙන් හැඩවන, “සූරිය සුළඟ” ඔහුගේ අලුත්ම චිත්‍රපටය 2025 වසරේ ළඟදීම තිරගත කරන්නට සූදානම් බවයි වාර්තා වෙන්නෙ.

පේන විදිහට නම්, සූරිය සුළඟ කියන්නේ සාමාන්‍යෙයන් මෙරට සිනමාපටයක් වෙනුවෙන් වැය නොකරන, දැවැන්ත නිෂ්පාදන පිරිවැයක් දරමින් නිර්මාණය කළ චිත්‍රපටයක්!

ජනකාන්ත නලු නිළියන් රැසක් රංගනයෙන් එක්වන, ලොව ඉහළම තාක්ෂණයෙන් පසු නිෂ්පාදන කටයුතු සිදු කළ නිර්මාණයක්.

‘සූරිය සුළඟ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට එකතු වී සිටින මේඝ සූරියාඅරච්චි මේ වෙනකොට මුලු ලෝකයක් හඳුනන මුහුණක්. Mr. World තරඟාවලියෙන් ශ්‍රී ලංකාවට විශාල අභිමානයක් දිනා දුන් ඔහු මීට පෙර ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘මන්දාරා’ චිත්‍රපටයෙනුත් අපට හමුවුනා.

ඒ වගේම අද අපේ සිනමාවේ සිටින දක්ෂතම තාක්ෂණික ශිල්පීන් රැසක්ම සූරිය සුළඟ නිෂ්පාදනය වෙනුවෙන් සම්බන්ධ වී සිටිනවා.

ඉතින්, ඉදිරියේදී , ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘සූරිය සුළඟ’ ලාංකීය සිනමා රසිකයන්ට අපූර්ව සිනමා අත්දැකීමක් එක් කරනු නොඅනුමානයි.

kemadasa

shungara

Back to top
Go to bottom