lan englan tam

පුවත්

කාන් සිනමා උළෙලේ දී තිරගත වූ 'ගැහැනු ළමයි'

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

ශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂණය කළ ගැහැණු ළමයි' චිත්‍රපටයේ නව ප්‍රතිසංස්කරණය කරන ලද අනුවාදන පිටපත, 2025.05.17 වන දින 2025 කාන් සිනමා උළෙලේදී ප්‍රදර්ශනය වූවා.

ලොව කීර්තිමත්ම සිනමා උළෙලක් ලෙස සැලකෙන ප්‍රංශයේ කාන් සිනමා උළෙලේදී ශ්‍රී ලාංකික චිත්‍රපටයක් ප්‍රදර්ශනය වීම ශ්‍රී ලාංකික සිනමාවේ ඉතා වැදගත් අවස්ථාවක් ලෙස සැලකිය හැකියි.

චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජය කරමින් එහි ප්‍රධාන නළු නිළියන් වන වසන්ති චතුරානි, අජිත් ජිනදාස සහ ශ්‍යාමා ආනන්දගේ සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල් වැව ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.

චිත්‍රපටය ප්‍රදර්ශන උත්සවයේ සමාරම්භක අවස්ථාවේදී මෙම පිරිසට හිමි වූයේ ඉතා උණුසුම් පිළිගැනීමක්. එමෙන්ම චිත්‍රපටය ප්‍රදර්ශනය වීමෙන් පසු ද එය නැරඹු ප්‍රේක්ෂකයන් අත්පොළසන් නගමින් එහි රංගන ශිලිපීන්ට සහ චිත්‍රපටයේ නිර්මාණකරුවන්ට සිය ආචාරය පිරිනැමුවා.

https://web.facebook.com/share/v/1JjNFWq9hX/

මෙවර ‘කාන්’ චිත්‍රපට උළෙලේදී ප්‍රදර්ශනය වූයේ ගැහැණු ළමයි' චිත්‍රපටයේ නව ප්‍රතිසංස්කරණය කරන ලද අනුවාදන පිටපතයි. මෙය ප්‍රදර්ශනය වූයේ චිත්‍රපට උලෙලේ ‘Cannes Classics’ අංශය යටතේයි.

ගැහැනු ළමයි චිත්‍රපටය 'ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනම' සමග එක්ව Film Heritage Foundation ආයතනය විසින් ප්‍රතිසංස්කරණය කරන ලදී.

ප්‍රංශ - ඉන්දීය - ශ්‍රී ලංකා සිනමා උරුමය (FISCH) නමැති ආයතනය විසින් ඒ සඳහා අරමුදල් යොදවා ඇත.

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ සංරක්ෂණය කර ඇති ඉතිරිව තිබෙන හොඳ ම කොටස් භාවිතා කරමින් ගැහැනු ළමයි චිත්‍රපටය ඉතාලියේ L'Immagine Ritrovata රසායනාගාරයේදී ප්‍රතිසංස්කරණය කර තිබෙනවා.

ඒමෙන්ම මෙම කාර්යයට ජාතික චිත්‍රපට සංස්ථාවේ දායක්ත්වය ද අතිශය අගය කොට සිටිනවා.

May be an image of 2 people and text

කාන් සිනමා උළෙලේ ප්‍රදර්ශනය කෙරෙන 'ගැහැනු ළමයි' සිංහල සිනමාවේ සංධිස්ථානයක් වන්නේ ඇයි? සම්පූර්ණ ලිපියට පිවිසෙන්න මෙතනින්.

මෙම කීර්තිමත් සිනමා උළෙල නියෝජනය කළ පළමු සිංහල චිත්‍රපටය වූයේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'රේඛාව' චිත්‍රපටය යි.

විමුක්ති ජයසුන්දරගේ 'සුළඟ එනු පිණිස' චිත්‍රපටයට කාන් සිනමා උළෙලේදී Caméra d'Or සම්මානය හිමි විය.

kemadasa

shungara

Back to top
Go to bottom