ජේතවන දාගැබේ විකෘති ඡායාරූපය සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවන්ට ජනප්රිය නිලි සමනලී ෆොන්සේකා විසින් පිලිතුරු ලබා දී ඇත.
සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් යොදමින් ඇය පවසා ඇත්තේ මෙවැන්නකි.
"ෆේස්බුක් මර්දන බලය මට හොඳින් පුරුදුය. මේ මාගේ සිව්වන ෆේස්බුක් ගිණුමය. ගැහැණියක ලෙසත්, රංගන ශිල්පිණියක ලෙසත් මා යම් මතයක් දැරීම බහුතරයකට ඉවසිය නොහැක. යනුවෙනි.
ජාතික හෙළ උරුමයේ චණ්ඩිපාට්
එසේම ජාතික හෙළ උරුමය මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ල සිදුකරමින් සඳහන්කර තිබුණේ
"සිත් රිදීමට ලක් වූ බෞද්ධයන් නීතියට පිටතින් ගොස් අදාළ චූදිතයන් සොයා ඔවුන්ට එරෙහිව ක්රියාත්මක වීම වැළැක්විය හැක්කේ පොලීසීය මේ සදහා කඩිනම් ක්රියාමාර්ග ගැනීමෙන් පමණක් බවද අවධාරණය කිරීමට කැමැත්තෙමි."යනුවෙනි
එසේ ජාතික හෙළ උරුමය සඳහන්කරන පරිදි "නීතියට පිටතින් යාමට" බෞද්ධයන් වූ පමණින් සිදුකල හැක්කේ කෙසේද යන්නද මේ පිළිබඳ විමසිය යුතුය.
සබැඳි පුවත්