lan englan tam

පුවත්

‘Tomorrowland’ වේදිකාව ගිනි ගනියි!

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

බෙල්ජියමේ පැවැත්වෙන ලොව ප්‍රකටම සංගීත සැනකෙළියක් ලෙස සැලකෙන 'Tomorrowland' හි ප්‍රධාන වේදිකාව ගින්නක් ඇති වීම නිසා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වෙනවා.

ඒ ප්‍රසංගය ආරම්භ වීමට දින දෙකක් පමනක් ඇති අවස්ථාවකයි.

එය බෙල්ජියමේ වෙලාවෙන් ඊයේ (16), සවස 6 ට පමන හටගෙන ඇති අතර පැය එක හමාරක් වැනි කාලයකදී වේදිකාව සම්පූර්ණයෙන්ම විනාශ වූ බව වාර්තා වනවා.

ඒ වන විටත් 1000 ක් පමණ දෙනා උත්සවයේ වැඩ කටයුතුවල නිරත වෙමින් සිට ඇති අතර වේදිකාවේ ගිනිකෙළි ආශ්‍රිත pyrotechnic installations එකේ ඇතිවූ ගැටලුවක් හේතුවෙන් මෙය සිදු වෙන්න ඇති බවට සැක කරනු ලබනවා.

කෙසේවෙතත් මේ හේතුවෙන් එහි සිටි පුද්ගලයන්ට අනතුරක් වී නොමැති බවයි වාර්තා වෙන්නේ.

බෙල්ජියමේ ඇන්ට්වර්ප් නගරයට දකුණින් පිහිටි බූම් නගරයේ දී ආරම්භ වීමට නියමිත 'Tomorrowland' ප්‍රසංගය ජූලි 18-20 සහ ජූලි 25-27 යනුවෙන් සති අන්ත දෙකක දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර මෙවර ලොව පුරා රටවල් රැසකින් ලක්ෂ 4 කට වඩා පුද්ගලයන් පිරිසක් සහභාගී වීමට නියමිතව තිබෙනවා.

 

 

kemadasa

shungara

Back to top
Go to bottom