එළඹෙන අගෝස්තු 2වනදා විවෘත කිරීමට නියමිතව ඇති කොළඹ City Of Dreams තරු හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවයට සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් නොපැමිණෙන බව City Of Dreams නිවේදනය කොට තිබෙනවා.
සිය ෆේස්බුක් පිටුව හරහා නිවේදනයක් නිකුත් කරමිනුයි ඔවුන් මේ බව සනාථ කොට තිබෙන්නේ.
මීට පෙර ශාරුක් ඛාන් අදාල උත්සවය සඳහා පැමිණීමට නියමිතව තිබුණ ද නොවැළැක්විය හැකි පෞද්ගලික හේතුවක් නිසා ඔහු මීට සහභාගී නොවන බවයි අදළ නිවේදනයේ සඳහන් වන්නේ.
පහතින් දැක්වෙන්නේ එම නිවේදනයයි.




